ට්‍රම්ප් යළි පදවි ප්‍රාප්තිය සුමට සංක්‍රාන්තියකින් සිදුවනු ඇති
එක්සත් ජනපදයේ ජනාධිපති ලෙස තේරීපත්වූ ජෝ බයින්ගේ ජයග්‍රහණය පිළිගැනීම ප්‍රතික්ෂේප කරමින්, දෙවැනි ට්‍රම්ප් පරිපාලනයකට සුමට සංක්‍රාන්තියක් සිදුවනු ඇති බව රාජ්‍ය ලේකම් මයික් පොම්පෙඕ කියයි.
තේරීපත්වූ බයිඩන් ජනපති ධුරයට පත්කෙරෙන ඔහුගේ සංක්‍රාන්ති කණ්ඩායම සමග සම්බන්ධ වීමට සූදානම් දැයි මයික් පොම්පෙඕගෙන් රාජ්‍ය දෙපාර්තමේන්තුවේදී නැගුණු පැනයකට පිළිතුරු දෙමින් ඔහු මෙසේ කියා සිටියේය.
"දෙවැනි ට්‍රම්ප් පරිපාලනයකට සුමට සංක්‍රාන්තියක් සිදුවනු ඇති. සිදුවෙමින් පවතින දේ ලෝකය බලා සිටිනවා. අපි සියලු ඡන්ද ගණන් කරනවා. ක්‍රියාවලිය අවසන් වූ විට ඔවුන් තෝරා පත්කර ගනු ලැබේවි. ක්‍රියාවලියක් පවතිනවා. මොකද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් එය ඉතා පැහැදිලිව දක්වා තිබෙනවා. රාජ්‍ය දෙපාර්තමේන්තුව අද දිනයේද සාර්ථකව ක්‍රියාත්මක වන බවටත්, ජනවාරි 20 වැනි දින විනාඩියකට පසු ජනාධිපති ධුරයේ සිටින ජනාධිපතිවරයකු සමග සාර්ථකව කටයුතු කරන බවටත්, සහතික කිරීමට අවශ්‍ය සංක්රාන්තියද සාර්ථක වනු ඇතැයි ලෝකයට විශ්වාසයක් තිබිය යුතුයි."
මැතිවරණයේදී දැවැන්ත ඡන්ද මංකොල්ලයක් හෙවත් වංචාවක් සිදුව ඇතිද යන්න තමා විශ්වාස කරන්නේ දැයි යන පැනයද පොම්පෙඕ වෙත යොමුවිය.
"මට ලොව පුරා ඇමතුම් ලැබෙනවා. මේ අය අපේ මැතිවරණය දෙස බලා සිටිනවා. අපට නීතිමය ක්‍රියාවලියක් ඇති බව ඔවුන් තේරුම් ගනීවි. 2000 වර්ෂයේ මැතිවරණයක් සඳහා අපට දින 37ක් ගතවී ඇති බවත්, එවකට සාර්ථක සංක්‍රාන්තියක් සිදු වූ බවත් ඔවුන් තේරුම් ගනීවි. මොකද සෑම නෛතික ඡන්දයක්ම අපි ගණන් කරනු ඇතැයි මට විශ්වාසයි. නීත්‍යානුකූල නොවන ඕනෑම ඡන්දයක් ගණන් නොගත යුතු බවට අප වග බලාගත යුතුයි. නිවැරදිව සිදු නොවූයේ නම් එයින් ඔබගේ ඡන්දය දියාරු වී යන්න පුළුවන්. එය නිවැරදිව ලබා ගත යුතුයි. අපි එය නිවැරදිව ලබාගත යුතුයි. එවිට අපි හොඳ තත්ත්වයක සිටින්නට හැකිවේවි." පොම්පෙඕ වැඩිදුරටත් ඉඟි කළේ ට්‍රම්ප් යළිත් බලයට පැමිණෙන කතාවකි.
මේ සියලු අවුල් වියවුල් මැද පෙර නොවූවිරූ අයුරින් එක්සත් ජනපදයේ බෙදීමක් දක්නට ලැබෙන බව පෙන්වා දෙන විදෙස් විචාරකයන්, ට්‍රම්ප් සහ තේරීපත් වූ ජනපති බයිඩන් අතර බල හුවමාරුව කෙසේ සිදුවේවිද යන්න මේ වනවිට උභතෝකෝටිකයක් බවට පත්ව ඇති බව අවධාරණය කරයි. එය කිසිසේත්ම සුමට එකක් නොවනු ඇති බවද ඔවුන් විශ්වාස කරයි.

popular news
-
Kumar Wednesday, 11 November 2020 09:52 PM
I am sure Biden is going to be sworn in as the president of the US on January 20th as stated in the constitution. Pompeo is suffering from shock of the defeat at the polls. Now he looks like an idiot. So far judges have thrown out all cases filed in their courts.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

