ට්‍රම්ප්ට දැන් රෝග ලක්ෂණ නැතිලු - සෘණාත්මක ප්‍රතිඵල පෙන්වූ බව තවම නොකියයි
එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පැය 24කට වැඩි කාලයක් කොවිඩ්-19 රෝග ලක්ෂණ නොපන්වා ඇති බව ජනාධිපතිවරයාගේ වෛද්‍යවරයා වන ෂෝන් කොන්ලි පවසයි.
ජනාධිපතිවරයාගේ සෞඛ්‍ය තත්ත්වය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් වෛද්‍ය ෂෝන් මෙම අදහස් දැක්වීම සිදුකර තිබේ.
"ජනාධිපතිවරයා මුලින්ම රෝහල් ගත කිරීමෙන් පසුව කිසිදු අතිරේක ඔක්සිජන් අවශ්‍ය වීමක් හෝ ලබාදීමක් සිදුව නැහැ. ඒ වගේම දින 4කට වැඩි කාලයක් උණ තත්ත්වය දක්නට ලැබුණේ නැහැ." වෛද්‍ය ෂෝන් පවසයි.
ට්‍රම්ප්ගේ විද්‍යාගාර පර්යේෂණ ප්‍රතිඵලවලින් SARS-CoV-2 IgG ප්‍රතිදේහ හඳුනාගත හැකි මට්ටම පෙන්නුම් කරන බවද වෛද්‍ය ෂෝන් කීය.
තමාට හොඳ සුවයක් දැනෙන බව ට්‍රම්ප් තමාට කියා සිටියේ යැයි වෛද්‍ය ෂොන් සිය නිවේදනයේ ඇතුළත් කර තිබේ.
කෙසේ වෙතත් වෛද්‍ය ෂෝන්ගේ නිවේදනයට අනුව ට්‍රම්ප් පසුගියදා වෝල්ටර් රීඩ් රෝහලට ඇතුළත් කිරීමෙන් පසුව ඔහුට අතිරේක ඔක්සිජන් ලබාදීමක් සිදුව ඇති බව තහවුරු වන්නේ යැයි විදෙස් වාර්තා පෙන්වා දෙයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

