ට්රම්ප්ගේ ෆ්ලොරිඩා නිවසේ FBI හදිසි සෝදිසියක්
හිටපු එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්රම්ප් කියා සිටියේ ෆ්ලොරිඩාවේ පිහිටි ඔහුගේ මාර්-ඒ-ලාගෝ නිවස FBI නියෝජිතයින් විසින් වටලමින්, එහි අනීතික ලෙස හදිසි සෝදිසියක් සිදුකර ඇති බවයි.
"ෆ්ලොරිඩාවේ පාම් බීච් හි පිහිටි මගේ සුන්දර නිවහන වන මාර්-ඒ-ලාගෝ, දැනට FBI නියෝජිතයින් විශාල පිරිසක් විසින් වටලනු ලැබ තිබෙනවා. මෙය අපේ ජාතියට අඳුරු කාලයක්" ඔහු ප්රකාශයක් නිකුත් කරමින් කියා සිටියේය.
"එය අභිචෝදකයන්ගේ විෂමාචාරයක් වගේම, යුක්තිය පසිඳලීමේ ක්රමය ආයුධකරණය කිරීමක් බව පැවසිය යුතුයි. 2024 දී මා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමට අකමැති රැඩිකල් වාම ප්රජාතන්ත්රවාදීන්ගේ ප්රහාරයක් ලෙස මෙය හැඳින්වීමට පුළුවන්" ට්රම්ප් පැවසීය.
වැටලීම සිදුකරන අවස්ථාවේ ට්රම්ප් මෙම නිවසේ නොසිටි බවත් FBI විසින් එම පරිශ්රයට ඇතුළු වීමට සෝදිසි වරෙන්තුවක් ක්රියාත්මක කර ඇති බවත් සී.එන්.එන්. පුවත් සේවය වාර්තා කළේය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.
