අඟහරුවාදා උදෑසන ආසියිවේ වෙළඳාම ආරම්භයේදී තෙල් මිල සළකිය යුතු ප්‍රමාණයකින් පහළ වැටුණි.
ඒ් අනුව බ්‍රෙන්ට් බැරලයක් ඩොලර් 92.50 (පවුම් 68.85) ක් ලෙස 8.5% කින් පමණ පහත වැටුණි.
එක්සත් ජනපදයේ තෙල් බැරලයක් ඩොලර් 88.60 දක්වා 9% කින් පමණ පහත වැටුණි.
කෙසේ වෙතත් තෙල් මිල තවමත් ගැටුම ආරම්භයේදී තිබූ මිලට වඩා තවමත් 30% කින් පමණ ඉහළ ගොස් තිබේ.
යුද්ධය "ඉතා ඉක්මනින්" අවසන් වන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කළ ප්‍රකාශයෙන් පසුව මෙම
පහත වැටීම සිදු විය.
තෙල් මිල පහළ වැටීමත් සමග ආසියාවේ ප්‍රධාන කොටස් ඳවෙළපොළවල්ද ඉහළ ගියේය.
ජපානයේ නිකේයි 225 දර්ශකය 2.8% කින් සහ දකුණු කොරියාවේ කොස්පි හුවමාරුව 5% කින් ඉහළ ගියේය.