ට්‍රම්ප්ගේ රන් ආලේපිත ගුවන් යානය ලෙඩ ඇඳට වැටිලාලු
ට්‍රම්ප්ගේ පුද්ගලික බෝයිං 757 යානය සැමවිටම ඔහුගේ ඔටුන්නේ වු මැණික මෙන්ම, ඔහුගේ විශේෂ සලකුණක් ලෙස සැලකුණත්, මේ වනවිට මූල්‍ය දුෂ්කරතා හේතුවෙන් එම යානය ලෙඩ ඇඳට වැටී ඇති බව ඇමෙරිකානු මාධ්‍ය වාර්තා කරයි.
ට්‍රම්ප් සිය ප්‍රවර්ධන ඡායාරූප සඳහා, ප්රචාරක රැලි, ප්‍රභූ චාරිකා සඳහා මෙම යානය නිතර යොදාගත් අතර, එහි ආසන ගාංචු පවා කැරට් 24 රන් ආලේප කර සරසා ඇත්තේ ට්‍රම්ප්ට අවශ්‍ය පරිදිය.
කෙසේ වෙතත් මෙම යානය අද මැන්හැටන් සිට සැතපුම් 60ක් උතුරින් පිහිටි නිව්යෝක් හි ඔරෙන්ජ් ප්‍රාන්තයේ ගුවන්තොටුපලක ගාල් කර ඇති බව කියයි. එහි එන්ජිමක කොටස් ගලවා ඇති අතර, අනෙක ප්ලාස්ටික් ආවරණයකින් ඔතා ඇත. එය පිළිසකර කර නැවත පියාසර මට්ටමට ගැනීමට විශාල වියදමක් දැරීමට සිදුවන අතරඒ සඳහා වූ මූල්‍ය තත්ත්වයක් ට්‍රම්ප්ට දැන් නොමැති බවද එම මාධ්‍ය පෙන්වා දෙයි.
එම වාර්තා පවසන්නේ ඔහුගේ මූල්‍ය තත්වය පිළිබඳ වර්තමාන තත්ත්වය ප්‍රසිද්ධ නොවුනද, කොවිඩ්-19 වසංගතය ආගන්තුක සත්කාර ක්ෂේත්රය ඇතුළු ඔහුගේ ව්‍යාපාර බොහොමයකට දැඩි පහරක් එල්ල කර ඇති බවය.







popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

