ඇමෙරිකානු ජනපිත ඩොනල්ඩ් ට්‍රම්ප් ටිව්ටර් පණිවුඩයකින් උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන්ට උතුරු හා දකුණු කොරියානු දේශසීමා නගරයේදී හමුවකට ආරාධනයක් කරයි.
ජාපානයේ පැවති G20 සමුළුවෙන් පසුව දකුණු කොරියාවේ සංචාරයකට යන ඇමෙරිකානු නායකයා උතුරු කෙරියානු නායකයාට මෙම විවෘත ඇරයුම කර ඇත.
උතුරු කොරියාව සමග පැවති සාකච්ඡා බිඳ වැටීමෙන් පසුව ඇමෙරිකානු නායකයා දකුණු කොරියාව වෙත පැමිණෙන ප්‍රථම අවස්ථාව මෙය වන අතර, ඔහු දින දෙකක් එරට ගත කරයි.
එහිදී, ඇමෙරිකානු නායකයාගේ ට්විටර් පණිවුඩයෙන් වැඩිදුරටත් පවසා ඇත්තේ, තමාට උතුරු කොරියානු නායකයා හමුවූ අතට අතදීමක් සිදුකර, කුළුපග කතාබහක යෙදීමට අවශ්‍ය බවයි.
කෙසේ වෙතත්, මේ සම්බන්ධයෙන් උතුරු කොරියාව මෙතෙක් ප්‍රතිචාර දක්වා නොමැත.