ටයිගර් වුඩ්ස්ගේ රිය අනතුරට හේතුව නිශ්චය කර ඇතිමුත් එය ප්‍රසිද්ධ කිරීම පමා කරයි
ගොල්ෆ් ශූර ටයිගර් වුඩ්ස් පසුගිය පෙබරවාරි මාසයේදී මුහුණදුන් රිය අනතුරට හේතුව නිශ්චය කර ඇති නමුත් ඒ සඳහා ඔහුගේ අවසරය ලබාදෙන තුරු පරීක්ෂණයේ තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකරන බව ලොස් ඇන්ජලීස් ප්‍රාන්තයේ ෂෙරිෆ්වරයා වන ඇලෙක්ස් පවසයි.
45 හැවිරිදි වුඩ්ස් පසුගිය පෙබරවාරි 23දා දකුණු කැලිෆෝනියාවේදී සිය මෝටර් රථය අනතුරට ලක්වීමෙන් පාදයකට බරපතල තුවාල සිදුවිය.
"අනතුරට හේතුව සම්බන්ධ සියලුම අන්තර්ගතයන් අප සතුව තිබෙනවා. අපට සියල්ල සොයාගැනීමට හැකිවුණා. ඒ පරීක්ෂණ වාර්තාව සම්පූර්ණ කර, අත්සන් කර, මුද්‍රා තබා භාර දී තිබෙනවා" ෂෙරීෆ්වරයා කීවේය.
"කෙසේ වෙතත්, අනතුරට සම්බන්ධ පුද්ගලයාගේ අවසරයකින් තොරව අපට එය නිදහස් කළ නොහැකියි." එහිදී ඇතැම් පෞද්ගලිකත්ව කාරණා සම්බන්ධයෙන් තම දෙපාර්තමේන්තුව වුඩ්ස් වෙත ගොස් ඇති බවද ඔහු වැඩිදුරටත් පැවසීය.
මේ සම්බන්ධයෙන් මාධ්‍ය වෙත ප්‍රතිචාර දැක්වීමට වුඩ්ස්ගේ නියෝජිතයෙකු හෝ නීතීඥයෙකු තවමත් කටයුතු කර නැත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

