ටෙක්සාස් පල්ලියේ වෙඩි තැබීම - තුවක්කුකරු ඇතුළු 3නෙක් මරුට
ටෙක්සාස්හි පල්ලියක තුවක්කුකරුවෙකු සිදුකළ විවෘත වෙඩි තැබීමකින් පුද්ගලයන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
කෙසේ වෙතත්, එම අවස්ථාවේ සභාවේ සිටි සන්නද්ධ සාමාජිකයෙකු සිදුකළ වෙඩි තැබීමකින් තුවක්කුකරු ජීවිතක්ෂයට පත්ව ඇත.
ෆෝර්ට් වර්ත්හි උප නගරයක් වන වයිට් සෙට්ල්මන්ට් හි වෙස්ට් ෆ්රීවේ පල්ලියේ දේව මෙහෙයට සහභාගි වී සිටි තුවක්කුකරු එක්වරම නැගිට වෙඩි තැබීමක් ආරම්භ කර ඇත.
පොලීසිය පැවසුවේ ප්‍රහාරකයා කුමන චේතනාවකින් මෙම ප්‍රහාරය සිදුකළේද යන්න පිළිබඳව ඔවුන් තවමත් පරීක්ෂණ පවත්වන බවයි.
වෙඩි තැබීම සිදු වූයේ උදෑසන දේව මෙහෙය අතරතුර වන අතර, තුවක්කුකරු නැගිට අසල සිටි අයෙකු ඔහු දෙසට ඇඟිල්ල දිගු කරනවාත් සමග වෙඩි තැබීම සිදුකර ඇත.
කෙසේ වෙතත් එම අවස්ථාවේදී ආරක්ෂක භටයෙකු ලෙස කටයුතු කරමින් සිටි සභාවේ සාමාජිකයෙකු එල්ල කර ප්රතිප්රහාරයකින් තුවක්කකරු ජීවිතක්ෂයට පත්ව තිබුණත්, ඒ වනවිටත් ප්‍රහාරකයාගේ වෙඩි තැබීමෙන් දෙදෙනෙකුට ජීවිත අහිමි වී තිබුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

