ජෝලෝ දූපත් දේවස්ථානයක බෝම්බ ප්රහාරයෙන් 27ක් මරුට
පිලිපීනයේ දකුණුදිග ජෝලෝ දූපත් හි කතෝලික දේවස්ථානයක් වෙත එල්ල වූ බෝම්බ ප්රහාරයකින් පුද්ගලයන් 27කට වැඩි පිරිසක් ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉස්ලාමීය ත්රස්තයන් සක්රීයව පවතින මෙම කලාපයේ අද (27දා) ඉරුදින දේවමෙහෙය සිදුවන අවස්ථාවේදී එක් බෝම්බ පිපිරීමක් සිදුව ඇති අතර, ප්රහාරයෙන් තවත් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව විදෙස් වාර්තා පවසයි.
ක්ෂණිකව ක්රියාත්මක වූ හමුදාව එම ස්ථානය වෙත පැමිණ තවත් බෝම්බයක් නිශ්ක්රීය කිරීමට සමත්වීම නිසා මහා විනාශයක් වළක්වා ගැනීමට හැකිවී තිබේ.
පළාතේ ස්වයං පාලනයක් සඳහා එහි වෙසෙන බහුතර මුස්ලිම් ප්රජාව ඡන්දය පාව්චිචි කර දින කිහිපයක් ගතවන අවස්ථාවේදී මෙම පිපිරීම සිදුවීම විශේෂත්වයකි.
ප්රහාරයේ වගකීම මෙතෙක් කිසිවෙකු විසින් භාරගෙන නොතිබුණත්, අබු සයේෆ් ඇතුළු ඉස්ලාමීය ත්රස්ත කණ්ඩායම් මෙම පළාත තුළ ක්රියාත්මක වෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.