ජපාන ස්ටුඩියෝව ගිනිතැබූ අය කලින්ම ප්රහාරය සැලසුම් කරලා
ජපානයේ ඇනිමේෂන් ස්ටුඩියෝවක් ගිනි තබමින් ප්රහාරයක් එල්ල කළ පුද්ගලයා ඊට පෙර එම ප්රදේශයේ සැරිසරමින් ප්රහාරය සැලසුම් කර ඇති බව අනාවරණය වෙයි.
බ්රහස්පතින්දා සිදුවූ මෙම ගිනි තැබීමට පෙර ක්යෝතෝ නුවර මෙම ස්ටුඩියෝව අසල ඔහු ගැවසෙන ආකාරය ප්රදේශයේ පුද්ගලයන් කිහිප දෙනෙකුම දැක තිබේ.
41 හැවිරිදි ආඕබා ලෙස හඳුනාගෙන ඇති මොහුද මෙම ප්රහාරයෙන් දැඩි පිළිස්සුම් තුවාල ලබා ඇති අතර, පොලිස් අත්අඩංගුවට පත්වීමෙන් අනතුරුව ඔහු ඔසාකා නුවර රෝහලකට ඇතුළත් කර ඇත.
මේ අතර, සෙනසුරාදා දිනයේදී පිළිස්සුම් තුවාල ලැබූ තවත් පුද්ගලයෙකු රෝහල්ගතව සිටියදී ජීවිතක්ෂයට පත්ව ඇති අතර, ඔහු මෙම ප්රහාරයෙන් මේ දක්වා දිවි අහිමි වූ 34 වැනි පුද්ගලයාය.
මෑත ඉතිහාසයේ ජපානය තුළ පුද්ගලයන් රැසක් ජීවිතක්ෂයට පත්වූ ප්රථම අවස්ථාව මෙය වන අතර, ඔහු ස්ටුඩීයෝව තුළ පෙට්රල් ඉසිමින් මෙම ප්රහාරය දියත් කර ඇත.
විශේෂයෙන්ම මෙම පුද්ගලයාගේ අදහස් මෙම ඇනිමේෂන් ස්ටුඩියෝව විසින් සොරාගත් බව පවසමින් ඔහු මෙම ප්රහාරය දියත් කර ඇති බව මූලික පරීක්ෂණවලින් හෙළිවී තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

