ජපාන අගමැතිනිය හදිසි මහ මැතිවරණයකට
පෙබරවාරි 8 වන දින හදිසි මැතිවරණයකට මග පාදමින් ජපාන අගමැතිනි සනේ ටකයිචි සිකුරාදා පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට නියමිත බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරයි.
තමා ගත් තීරණය "ජනතාව සමඟ එක්ව ජපානයේ ගමන් මග තීරණය කරන" "අතිශයින්ම බර තීරණයක්" වූ බව ටකයිචි ටෝකියෝවේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
පසුගිය ඔක්තෝම්බර් මාසයේදී බලයට පත්වූ ටකයිච් ජපාන අග්‍රාමාත්‍යධුරයට පත් පළමු කාන්තාව වූ අතර ඇයට මෙන්ම ඇගේ කැබිනට් මණ්ඩලයට ඉහළ ජනතා ප්‍රසාදයක් පවතින අවස්ථාවක ඇය මෙම තීරණය ගැනිම කැපී පෙනෙයි.
ඔක්තෝබර් 21 වන දින නීති සම්පාදකයින් විසින් අගමැතිනිය ලෙස තේරී පත් වූ ටකයිචි දැන් ජපානයේ වඩාත් බලවත් මන්ත්‍රී මණ්ඩලය වන නියෝජිත මන්ත්‍රී මණ්ඩලයේ මහජන වරමක් අපේක්ෂා කරයි.
ඇය බලයට පත් වූ දින සිට, "මහජනතාව විසින් රජය තෝරා ගන්නා මැතිවරණයකින් කැබිනට් මණ්ඩලය තවමත් පරීක්ෂාවට ලක් කර නොමැති බව" ඇය නිරන්තරයෙන් කනස්සල්ලට පත්ව සිටි බව පැවසුවාය.
"මම අගමැතිනිය වීමට සුදුසුද? ස්වෛරී ජනතාව තීරණය කරන ලෙස මට ඉල්ලා සිටීමට අවශ්‍යයි," ඇය ප්රවෘත්ති සාකච්ඡාවේදී පැවසුවාය.
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

