ජපානය, චීනය හා තව රටවල් 8ක සංචරණ සීමා ලිහිල් කරයි
- 31 10 2020
- 10:51
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
ජපානය සිකුරාදා චීනය සහ තවත් රටවල් සහ කලාප 8ක් සඳහා ගමන් තහනම ලිහිල් කළ බව එරට විදේශ කටයුතු අමාත්‍යාංශය පවසයි.
ඒ අනුව ජපානය චීනය, තායිවානය, දකුණු කොරියාව, ඔස්ට්‍රේලියාව, තායිලන්තය, සිංගප්පූරුව, නවසීලන්තය, බෘනායි සහ වියට්නාමය සඳහා වන සංචාරක අවදානම් උපදේශන මට්ටම 3 වැනි මට්ටමේ සිට 2 වැනි මට්ටම දක්වා පහත හෙළා තිබේ.
කෙසේ වෙතත් මියන්මාරය සහ ජෝර්දානය සඳහා වූ සංචාරක අවදානම් උපදේශන මට්ටම 2 මට්ටමේ සිට 3 වැනි මට්ටම දක්වා ඉහළ නැංවීමටද ඔවුන් කටයුතු කර ඇත.
ජපානයේ 3 වැනි මට්ටමේ උපදේශනය යන්නෙන් අදහස් වන්නේ එම ස්ථාන කරා යන ඕනෑම සංචාරයක් අවලංගු කරන ලෙස මහජනතාවට උපදෙස් දීමය.
එසේම එරට 2 වැනි මට්ටමේ උපදේශනය යන්නෙන් අදහස් කරන්නේ අනවශ්‍ය, හදිසි නොවන සංචාරවලින් වළකින ලෙස මහජනයාට උපදෙස් දීමය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
