2017 දී ජපානය පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමට ජපානය කටයුතු කර තිබේ. 2022 න් පසුව ජපානය පළමු වරට මරණ දඩුවම ක්‍රියාත්මක කළ පළමු අවස්ථාව මෙය වෙයි.
"ට්විටර් ඝාතකයා" ලෙස නම් කරන ලද ටකහිරෝ ෂිරයිෂි විසින් සිදු කරන ලද දාම මිනිස් ඝාතන රට කම්පනයට පත් කළේය.
එවකට 30 හැවිරිදි ෂිරයිෂි, ඔහුගේ වින්දිතයින් (ඔවුන්ගෙන් වැඩි දෙනෙක් වයස අවුරුදු 15 ත් 26 ත් අතර තරුණ කාන්තාවන්) තම මහල් නිවාසයට රැගෙන ගොස් ගෙල සිර කර ඝාතනය කිරීමෙන් පසුව මළ සිරුර කොටස්වලට වෙන් කර තිබේ.
2017 ඔක්තෝම්බර් මාසයේදී, ටෝකියෝ, සමා නගරයේ දී පොලිසිය වින්දිතයින්ගෙන් එක් අයෙකු පිළිබඳව සොයමින් සිටියදී හමූ වූ ශරීර කොටස් ආශ්‍ර යෙන් කළ විමර්ශනයකින් අනතුරුව ඝාතකයා අත්අඩංගුවට ගැනින.
සියදිවි නසාගැනීමේ අදහසින් සිටි වින්දිතයින් නව දෙනෙකු ඝාතනය කළ බවට සැකකරු පිළිගත් අතර, දැන් X ලෙස හඳුන්වන සමාජ මාධ්‍ය වේදිකාව වන ට්විටර් හරහා ඔවුන් දැන හඳුනා ගත් බව හෙළි කළේය.
මාධ්‍ය ආයතන විසින් "භීෂණ නිවහනක්" ලෙස නම් කරන ලද ඔහුගේ මහල් නිවාසයට නිලධාරීන් ගිය විට සිසිලන යන්ත්‍ර සහ මෙවලම් පෙට්ටිවල කැබලි කරන ලද සිරුරු නවයක් සොයා ගන්නා ලදී.
නඩු පවරන්නන් ශිරයිෂිට මරණ දඬුවම ඉල්ලා සිටියද, ඔහුගේ නීතිඥයින් වින්දිතයින් මරා දැමීමට වින්දිතයන් අවසර ලබා දී ඇති බව කියා සිටියේය.
ඔවුන් ඔහුගේ මානසික තත්ත්වය තක්සේරු කරන ලෙසද ඉල්ලා සිටියහ. පසුව ශිරයිෂි වින්දිතයින්ගේ කැමැත්තෙන් තොරව ඔවුන් ඝාතනය කළ බව පැවසීය.
මෙම මිනීමැරුම් හේතුවෙන් ට්විටර් විසින් එහි නීති සංශෝධනය කරන ලද අතර, පරිශීලකයින් "සියදිවි නසාගැනීම් හෝ ස්වයං හානියක් ප්‍රවර්ධනය කිරීම හෝ දිරිමත් කිරීම" නොකළ යුතු බවට නීති සංශෝධනය කරන ලදී.