ජනපති හා කැබිනට්ටුව සියයට 50ක් වැටුප් කපයි - ඉක්වදෝර්
කොවිඩ්-19 හෙවත් නව කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් ඇතිවී තිබෙන තත්ත්වය හේතුවෙන් තම ජනපති වැටුප සහ සමස්ත කැබිනට් මණ්ඩලයේම වැටුප 50%කින් කපා හැරීමට ඉක්වදෝරයේ ජනාධිපති ලෙනන් මොරෙනෝ නියෝග කර තිබේ.
ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් හෙතෙම කියා සිටියේ, තමන්, උප ජනාධිපති, කැබිනට් අමාත්‍යවරුන්, උප ඇමතිවරුන්, ආණ්ඩුකාරවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා වැටුප්ද අඩුකිරීමට කටයුතු කරන බවය.
ඉක්වදෝරයේ පළාත් ආණ්ඩුකාරවරුන් 24ක් සහ පාර්ලිමේන්තුවේ මන්ත්‍රී ආසන 137ක් ඇත.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව ඉක්වදෝරයේ කොරෝනා වෛරසය ආශ්රිත රෝගීන් 7,466ක් සහ මරණ 333 ක් වාර්තා වී තිබේ.

popular news
-
THUSH Monday, 13 April 2020 10:31 AM
menna hoda aadarsha….
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

