චීන සීනොෆාම් නිෂ්පාදනයට මොරොක්කෝව අත ගසලා
- 6 07 2021
- 23:43
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
චීනයේ සීනොෆාම් කොවිඩ්-19 මර්දන එන්නත නිෂ්පාදනය කිරීමට මොරොක්කෝව සූදානම් වන බව එරට මාධ්‍ය වාර්තා කළේය.
මේ වනවිට ලොව බහුල වශයෙන් භාවිත වන කොවිඩ්-19 මර්දන එන්නතක් වන සීනොෆාම් එන්නත, ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් අනුමත කර ඇති එන්නත් ලැයිස්තුවේ ඉහළින්ම සිටින චීන එන්නතයි.
මොරොක්කෝවේ හයවැනි මොහොමඩ් රජතුමා සහභාගී වූ උත්සවයකදී මසකට එන්නත් මාත්‍රා මිලියන 5ක් නිෂ්පාදනය කිරීම සඳහා මොරොක්කෝව සහ සීනොෆාම් අතර සහයෝගිතා ගිවිසුමකට අත්සන් තැබූ බව එම මාධ්‍ය වාර්තාවල වැඩිදුරටත් දැක්වේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
