චීනය තම පුරවැසියන්ට ජපානයේ සංචාරය නොකරන සඳහන් කරන අතරම බීජින් හි සිටින ජපාන තානාපතිවරයාට කැඳවීමක් කිරිමට චීනය කටයුතු කර තිබේ. ජපානයේ නව අගමැතිනි සානේ ටකයිචි තායිවානය පිළිබඳව කළ අදහස් දැක්වීමට විරෝධය දැක්වීමක් ලෙස චීනය මෙම තීරණය ගෙන තිබේ
යම් හෙයකින් චීනය තායිවානයට පහර දුන්නොත් ජපානයට තමන්ගේම ආත්මාරක්ෂක බලකායෙන් ප්‍රතිචාර දැක්විය හැකි බවට ජපාන අග්‍රාමාත්‍යවරිය කළ ප්‍රකාශයෙන් අනතරුව චීනය සහ ජපානය මෙම සතියේ උග්රවන වාග් යුද්ධයකට අවතීරණ විය. දෙරටේම විදේශ අමාත්‍යාංශ එකිනෙකාට බරපතල විරෝධතා ඉදිරිපත් කර තිබේ.
