චීන ගුවන් හමුදා මුර සංචාර කලාපය පුරා ඉහළ දැමීමක්
චීන මහජන විමුක්ති හමුදාවේ (PLA) ගුවන් හමුදාව පැවසුවේ ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීම සඳහා දූපත් මුර සංචාර පවත්වා ඇති බවයි.
බීජිං හි පැවති මාධ්‍ය හමුවකදී PLA ගුවන් හමුදාවේ ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ කර්නල් ෂෙන් ජින්කේ පැවසුවේ "අපගේ මාතෘ භූමිය ආරක්ෂා කිරීම PLA ගුවන් හමුදාවේ පරිශුද්ධ මෙහෙවරයි." යනුවෙනි.
තායිවාන කලාපය පුරා ගුවන් හමුදාවේ මුර සංචාර පිළිබඳ වාර්තාකරුවෙකුගේ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ෂෙන් පැවසුවේ, ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමේ හැකියාව ඔප්නැංවීම සහ වැඩිදියුණු කිරීම සඳහා ගුවන් හමුදාව තායිවාන දූපත වටා බහුවිධ යුද ගුවන් යානා සම්බන්ධ මුර සංචාර සිදු කර ඇති බවයි.
"ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂා කිරීමට ගුවන් හමුදාවට ස්ථිර අධිෂ්ඨානයක්, පූර්ණ විශ්වාසයක් සහ ප්‍රමාණවත් හැකියාවක් තිබෙනවා" ෂෙන් පැවසීය.
එමෙන්ම, දකුණුචීන මුහුදේ PLA හි මුර සංචාර සියලු ආකාරයේ ආරක්ෂක තර්ජන සමග කටයුතු කිරීමේ හැකියාව ඉහළ නංවන බවද ෂෙන් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

