චීනය සීනෝෆාම් එන්නත සඳහා අනුමැතිය ලබාදෙයි
චීනයේ නියාමකයින් විසින් කොවිඩ්-19 වෛරසයට එරෙහිව රට තුළම නිෂ්පාදනය කෙරෙණු ප්‍රමුඛතම එන්නතට අනුමැතිය ලබාදී ඇති අතර, එය චීන රජයේ ඖෂධ නිෂ්පාදනයේ දැවැන්තයෙකු වන සීනෝෆාම් විසින් නිපදවන ලදී.
තුන්වැනි අදියර සායනික අත්හදා බැලීම් පිළිබඳ අන්තර් විශ්ලේෂණයන් උපුටා දක්වමින් සීනෝෆාම් එන්නත 79.34% ක් ඵලදායී බව පැවසීමෙන් දිනකට පසුව මෙම අනුමැතිය ලැබී තිබේ.
දෙසැම්බර් 15දා සිට චීනය එරට ඉදිරි පෙළ කණ්ඩායම් සඳහා එන්නත් මාත්‍රා මිලියන 3කට වඩා ලබා දී ඇති බව චීනයේ ජාතික සෞඛ්‍ය කොමිසමේ සෙන්ග් යික්සින් ප්රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය.
එය නොවැම්බර් අග වනවිට අධි අවදානම් කණ්ඩායම් සඳහා ලබාදෙන ලද මාත්‍රාව මිලියන 1.5ට වඩා ඉහළින් ඇති බව සෙන්ග් වැඩිදුරටත් පැවසීය.
එන්නත් කරන ලද අයගෙන් 0.1% කටත් වඩා අඩු සංඛ්‍යාවක් සැහැල්ලු උණ තත්ත්වයක් පෙන්වා ඇති අතර, මිලියනයකට පුද්ගලයන් දෙදෙනෙකු පමණ අසාත්මිකතා වැනි තරමක ප්‍රතික්‍රියාවක් පෙන්වූ බව සෙන්ග් සඳහන් කළේය..
සීනෝෆාම් අනුබද්ධ සමාගමක් වන බීජිං ජීව විද්‍යාත්මක නිෂ්පාදන සමාගම බදාදා ප්‍රකාශයට පත් කළ නිවේදනයක දැක්වෙන්නේ අතුරු ප්‍රතිඵල මගින් සීනෝෆාම් එන්නත ආරක්ෂිත බවත්, මාත්‍රා දෙකක් ලබාගත් පුද්ගලයින් ඉහළ මට්ටමේ ප්‍රතිදේහ නිපදවන බවත්ය.


popular news
-
Kumar Thursday, 31 December 2020 10:20 PM
I would settle for that Oxford vaccine.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

