එක් දරුවෙකුට පමණක් සීමා විය යුතු බවට චීනය විසින් පණවා තිබූ පවුල් සැලසුම් නීතිය ලිහිල් කරමින් දරුවන් දෙදෙනෙකු හදාවඩා ගැනීමට එරට ජනතාවට අවස්ථාව ලබාදීමට චීන බලධාරීන් කටයුතු කරන බව විදෙස් වාර්තා පවසයි.
චීනයේ දැනට පවතින නීතියට අනුව යම් දෙමවුපියෙකුට තම දෙවැනි දරුවා හදා ගැනීමට අවසර ඇත්තේ මව සහ පියා එම පවුලේ එකම දරුවා වුවහොත් පමණි. නමුත්, මෙම නව නීති සංශෝධනයත් සමග එම නීතිය ලිහිල් වෙමින් දරුවන් දෙදෙනෙකු හදා ගැනීමට සියලු දෙමවුපියන්ට අවසර හිමිවනු ඇති බව පැවසෙයි.
චීන අගමැතිවරයා පවසා ඇත්තේ එම නීතියේ හොඳ නරක මැන බැලීමකට ලක් කිරීමෙන් පසුව මෙම තීරණයට පැමිණ ඇති බවයි.
කෙසේ වෙතත් චීනයේ ගැහැණු දරුවන්ට වඩා පිරිමි දරුවන්ගේ උපත් වැඩි වශයෙන් සිදු වීම වැනි සමාජ ගැටළු මෙන්ම, එරට ජනගහනය ශීඝ්රයෙන් වර්ධනය වීම යන කාරණා හේතුවෙන් ආරම්භයේදී මෙම පවුල් සැලසුම ක්රියාවට නංවා තිබුණි.