චීනයේ ෂෙන්ෂෝ-14 අභ්‍යවකාශ මෙහෙයුම ජුනි 05දා
- 4 06 2022
- 07:00
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
චීනයේ මීළඟ මිනිසුන් සහිත අභ්‍යවකාශ මෙහෙයුම වන ෂෙන්ෂෝ-14 සඳහා චීන ගගනගාමීන් වන චෙන් ඩොන්ග්, ලියු යැන්ග් සහ සායි ෂූසේ තෝරාගෙන ඇති බව චීන මිනිසුන් සහිත අභ්‍යවකාශ ඉංජිනේරු කාර්යාලය පවසයි.
ඒ අනුව, ෂෙන්ෂෝ-14 කාර්ය මණ්ඩලය සහිත අභ්‍යවකාශ යානය හෙට (05දා) වයඹදිග චීනයේ ජියුකුවාන් චන්ද්‍රිකා දියත් කිරීමේ මධ්‍යස්ථානයෙන් දියත් කිරීමට නියමිතය.
බීජිං වේලාවෙන් පෙරවරු 10:44 ට ෂෙන්ෂෝ-14 යානය අභ්‍යවකාශ ගත කෙරෙන අතර, එය චීනයේ ඉදිවෙමින් පවතින අභ්‍යවකාශ මධ්‍යස්ථානය සමග සම්බන්ධ වීමට නියමිත බව එම කාර්යාලය වැඩිදුරටත් පවසයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
