චීනයෙන් ශ්‍රී ලංකාවට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීමක්
කොවිඩ්-19 ට එරෙහි සටනේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ වෙත සහාය ලබාදීමට වෛද්‍ය උපකරණ පරිත්‍යාග කිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව බදාදා චීනයට සිය ස්තූතිය පළ කර තිබේ.
ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ, දෙරට අතර සමීප සහයෝගීතාව තවදුරටත් තහවුරු කරන ලද චීන විදේශ අමාත්‍යාංශයේ මෙම පරිත්‍යාගය වෙනුවෙන් චීන විදේශ අමාත්‍යාංශය වෙත සිය කෘතඥතාව පළ කළ බවයි.
වසංගතය පැතිරයාම ආරම්භයේ සිට කොවිඩ්-19 සමග සටන් කිරීමට චීනය ශ්‍රී ලංකාවට නොමසුරුව සහය ලබාදී ඇති බව ශ්‍රී ලංකා විදේශ අමාත්‍යාංශය වැඩිදුරටත් පැවසීය.
නවතම චීන පරිත්‍යාගයට මල්ටිපැරා මොනිටර්, හයි ෆ්ලෝ ඔක්සිජන් නසල් තෙරපි යන්ත්‍ර, ඔක්සිජන් කන්සෙන්ට්රේටර්, ඔක්සිජන් සිලින්ඩර සහ වෙනත් වෛද්‍ය උපකරණ ඇතුළත් බව කියයි.
මෙම පරිත්‍යාගයේ වටිනාකම ඇමෙරිකානු ඩොලර් 635,000ක් පමණ වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලය සිය ට්විටර් ගිණුමේ සඳහන් කර ඇත.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
