ගෝලීය කොවිඩ් මරණවලින් සියයට 64ක් ඇමෙරිකාවෙන්
ලෝකයේ කොවිඩ්-19 මරණවලින් 64% ක්ම ඇමරිකානු කලාපයට අයත් බව පෑන් ඇමෙරිකානු සෞඛ්‍ය සංවිධානයේ අධ්යක්ෂ වෛද්‍ය කරිසා එටියන් ඊයේ (18දා) පැවති සාකච්ඡාවකදී පැවසීය.
"ඇමරිකානුවන් ලෝක ජනගහනයෙන් දළ වශයෙන් 13%ක් පමණ සිටින නමුත් නිල වශයෙන් වාර්තා වී ඇති ගෝලීය මරණවලින් 64%ක් මේ වනවිට උතුරු හා දකුණු ඇමරිකානු කලාපයෙන් වාර්තා වෙනවා." එහිදී 400,000කට වැඩි පිරිසක් වෛරසයෙන් මියගොස් ඇති බව එටියන් පැවසීය.
"මේ වෛරසය අනුකම්පා විරහිත වෛරසයක් වන අතර, ඒ අනුකම්පා විරහිත බව අපෙන්ද අපේක්ෂා කරනවා. ඒ නිසා වෛරසය සමග සටනේදී අප සුපරීක්ෂාකාරී විය යුතුයි. සම්ප්‍රේෂණය පාලනය කර ගත යුතුයි" එටියන් පැවසීය.
එටියන් පැවසුවේ ඇමරිකානු කලාපයේ සමස්ත කොවිඩ්-19 ආසාදිතයන් සංඛ්‍යාව මිලියන 11.5කට ආසන්න සංඛ්‍යාවක් කරා ළඟා වී ඇති අතර, එක්සත් ජනපදය සහ බ්‍රසීලය මෙම ආසාදිතයන්ගෙන් වැඩි ප්‍රමාණයක් දරා සිටින බවය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
