ගොඩබිමක ඇති ගැඹුරුම ස්ථානය ඇන්ටාක්ටිකාවෙන් සොයා ගැනේ
පෘථිවියේ ගොඩබිමක පිහිටි ගැඹුරුම ස්ථානය නැගෙනහිර ඇන්ටාක්ටිකාහි ඩෙන්මන් ග්ලැසියරය යටින් සොයාගැනීමට හැකිවී තිබේ.
අයිස්වලින් පිරි අගාධය මුහුදු මට්ටමේ සිට කිලෝමීටර 3.5ක් (අඩි 11,500) ගැඹුරට විහිදී යන බවත්, මීට වඩා ගැඹුරු ස්ථාන ඇත්තේ සාගරවල පමණක් බවත් සඳහන් වෙයි.
ඇන්ටාක්ටිකා මහාද්වීපය පිළිබඳ අලුත්ම සිතියමක මේ නව සොයා ගැනීම සලකුණු කොට ඇති අතර, එමගින් අයිස් තට්ටුව යට පිහිටි පාෂාණයේ හැඩය පිළිබඳ පෙර නොවූ විරූ තොරතුරු හෙළි වන බවද කියයි.
"මෙය ඇන්ටාක්ටිකාවේ අයිස් තට්ටුව යට ඇත්තේ කුමක් දැයි යන්න පෙන්වන පැහැදිලි චිත්‍රණයක්" යැයි අදාළ ව්‍යාපෘතිය තුළ වසර 6ක් පුරා ක්‍රියාකළ ආචාර්ය මතීයු මෝර්ලිඝම් සඳහන් කළේය.
ඇමෙරිකාවේ කැලිෆෝර්නියා විශ්වවිද්‍යාලයේ පර්යේෂකයෙකු වන ඔහු, "බෙඩ්මැෂින් ඇන්ටාක්ටිකා" නමින් හැඳින්වුණු සිය නවතම තොරතුරු සංග්‍රහය ඇමෙරිකානු භූභෞතික සංගමයට ඉදිරිපත් කර ඇති අතර, එසේම ඊට සමගාමීව "නේචර් ජියෝසයන්ස්" නම් සඟරාවේද එය පළකර තිබේ.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

