ගිවිසුමකින් තොරව බ්‍රෙක්සිට් සමුගැනීමට පාර්ලිමේන්තුව වසයි
බ්‍රිතාන්‍ය පාර්ලිමේන්තුව අත්හිටුවන ලෙස අගමැති බොරිස් ජොන්සන් කළ ඉල්ලීමට දෙවැනි එළිසබෙත් රැජින අනුමැතිය දී ඇති බව විදෙස් වාර්තා පවසයි.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වන බ්‍රෙක්සිට් ක්‍රියාවලිය ගිවිසුමකින් තොරව අවසන් කිරීමේ උවමනාවෙන් බොරිස් ජොන්සන් විසින් සිදුකර ඇති මෙම ක්‍රියාව මන්ත්‍රීවරුන්ගේ සහ විරුද්ධ පාක්ෂිකයන්ගේ දැඩි දෝෂදර්ශනයට ලක්ව තිබේ.
ඒ අනුව, ග්‍රීෂ්ම සෘතුවේ නිවාඩුවෙන් පසු ලබන මස මුලදී පාර්ලිමේන්තුව යළි අරඹීමෙන් පසු, එය ලබන ඔක්තෝබර් 14දා දක්වා කල්තැබීමට තීරණය වී ඇති අතර, බ්‍රෙක්සිට් සම්බන්ධ විවාදයට ප්‍රමාණවත් තරම් කාලයක් පවතින බව රජය පවසයි.
කෙසේ වෙතත්, බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් වෙන්වීමේ බ්‍රෙක්සිට් සඳහා ලබාදී තිබූ විරාමය ලබන ඔක්තෝබර් 31 වැනිදායින් අවසන් වන අතර, මේ හේතුවෙන් බොරිස් ජොන්සන්ගේ බලාපොරොත්තුව පරිදිම එකඟතාවකින් තොරව වෙන්වීමක් සඳහා ඔහු අරඅඳින බවට විරුද්ධ මතධාරීන් චෝදනා කරයි.
මේ ආකාරයෙන් පාර්ලිමේන්තුව අත්හිටුවීමෙන් පසු සාම්ප්‍රදායිකව පාර්ලිමේන්තුව ආරම්භ කිරීමේ දේශනය මහ රැජින විසින් පැවැත්වීමට නියමිත බවද විදෙස් වාර්තා පවසයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

