ගැට්වික් - හිතෘ ගුවන්තොටුපළ වෙත ඩ්‍රෝන ආරක්ෂණ පද්ධති
බ්‍රිතාන්‍යයේ ගුවන් තොටුපොළ වෙත ඩ්‍රෝන බලපෑම් ඇතිවීම හේතුවෙන්, එරට ප්‍රධාන ගුවන් තොටුපොළ ද්විත්වයක් වන ගැට්වික් සහ හීතෘ වෙත ඩ්‍රෝන ආරක්ෂණ පද්ධති සවිකරන බව කියයි.
මෙසේ ඩ්‍රෝන යානා ගුවන් තොටුපොළ ආසන්නයේ ගුවන්ගත කිරීමට කටයුතු කිරීමේදී එහි පාලකයා සහ එම යානය අතර වූ සබඳතා ව්‍යාකූල කරමින් ඒවා අක්‍රීය කිරීමට මෙම නව උපකරණ පද්ධතිවලට හැකියාව ඇත.
එහිදී, රාජකීය ගුවන් හමුදාව විසින් මෙම ආරක්ෂණ පද්ධති සවිකිරීම සිදුකර ඇති අතර, ගැට්වික් ගුවන් තොටුපොළ ආශ්‍රිතව පසුගියදා ඇති වූ අර්බුදය හේතුවෙන් ගුවන් වාර 1,000ක් පමණ අවලංගු කිරීමට සිදුවූ බවද බලධාරීහු පවසති.
ඒ අනුව, ඉදිරියේදී ඇතිවිය හැකි අවදානම් අවම කරගැනීම සඳහා ස්ටර්ලිං පවුම් මිලියන 5ක මුදලක් වැය කිරීමට ගැට්වික් ගුවන් තොටුපොළ කටයුතු කර ඇති අතර, හීතෘ ගුවන් තොටුපොළද එම පද්ධතියක් වෙත යන බව තහවුරු කර තිබේ.
දෙසැම්බර් 19 සිට 21 දක්වා ගැට්වික් ගුවන් තොටුපොළෙහි ඇති වූ ඩ්‍රෝන අර්බුදය හේතුවෙන් මගීන් 140,000කට බාධා එල්ල කෙරුණු බවද සඳහන් වෙයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

