කොවිඩ්-19 නිසා ඉතාලියේ වෛද්‍යවරු 23ක් මරු දකී
- 23 03 2020
- 21:15
- {{hitsCtrl.values.hits}} views
- නරේන් විශ්වජීත්
කොරෝනා වෛරස වසංගතය පැතිරීම ආරම්භ වූ දින සිට ඉතාලියේදී මියගිය වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාව 23 දක්වා ඉහළ ගොස් ඇති බව ඉතාලි වෛද්‍ය සම්මේලනය පවසයි.
මෙසේ මියගිය වෛද්‍යවරුන් 23 දෙනාගෙන් 19 දෙනෙකු පමණ ලොම්බාර්ඩි කලාපයේ සේවය කළ අය වන අතර එය කොරොන වයිරසයෙන් වඩාත් පීඩාවට පත් ප්රදේශයයි.
අනෙක් සිව්දෙනා නේපල්ස් (දකුණු ඉතාලිය), එමිලියා රොමග්නා (උතුරු ඉතාලිය) සහ මාර්චේ (මධ්‍යම ඉතාලිය) හි සේවය කළ අයයි.
එම වෛද්‍ය සම්මේලය ඉරිදා දිනයේ ප්‍රකාශයට පත් කරන ලද ආයතනයේ නවතම වාර්තාවට අනුව සෞඛ්‍ය සේවකයින් 4,823කට පමණ කොරෝනා වෛරසය ආසාදනය වී ඇත.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
