කොවිඩ් සීමාවන්ට එරෙහි වූ ජර්මානු විරෝධතා වැඩිවෙයි
ජර්මානියේ බර්ලීන් අගනුවර නව කොරෝනා වෛරස සීමාවන්ට එරෙහිව විරෝධතා උත්සන්න වීමත් සමග, එම විරෝධතා විසුරුවා හැරීමට පොලීසිය ජල ප්‍රහාර හා ගම්මිරිස් ප්‍රහාර භාවිත කරන බව පවසයි.
මෙම උද්ඝෝෂණය ජර්මනියේ පාර්ලිමේන්තුවට මීටර් සිය ගණනක් ඈතින් පිහිටි බ්‍රැන්ඩන්බර්ග් සීමාව අසල තාවකාලික ගේට්ටු යොදා අවහිර කර තිබුණි.
උද්ඝෝෂණය විසුරුවා හැරීමට යොදවා ඇති පොලීසිය වෙත විරෝධතාකරුවන් විසින් ගල්මුල් ප්‍රහාර, බෝතල්වලින් දමාගැසීම් සහ ගිණිකෙළි එල්ල කිරීම නිසා මේ ආකාරයෙන් ජල ප්‍රහාර සහ ගම්මිරිස් ප්‍රහාර යොදාගැනීමට පොලීසිය කටයුතු කර ඇත. එමෙන්ම උද්ඝෝෂකයන් පිරිසක් පොලිස් අත්අඩංගුවටද පත්ව තිබේ.
පොලීසිය පවසා තිබුණේ විරෝධතාකරුවන් අතර අතලොස්සක් පමණක් මුඛ ආවරණ පැලඳ සිටි බවය. එසේම සමාජ දුරස්ථභාවයද කිසිසේත්ම ගණනකට නොගත් ඔවුන්ට, මුඛ ආවරණ පලඳින ලෙස කළ ඉල්ලීමද පිළිනොගත් බව පොලීසිය සඳහන් කළේය.
මෙවැනි භයානක වසංගතයක් හමුවේ මූලික සෞඛ්‍ය පුරුදු වෙතවත් නැඹුරුවීමට ජනතාව කටයුතු නොකිරීම තුළ වසංගතය තවදුරටත් උත්සන්න වීමක් හැර එහි මන්දගාමීවීමක් කිසිසේත්ම බලාපොරොත්තු විය නොහැකි බව සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

