කොවිඩ් නිසා මැතිවරණ කල් දමනවා - වෙනිසියුලා ජනපති
මේ වසරේ දෙසැම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත වෙනිසියුලානු පාර්ලිමේන්තු මැතිවරණය 2021 ජනවාරි දක්වා කල් තැබීමට රටේ ඉහළම අධිකරණය ක්‍රියාකරනු ඇති බව එරට ජනපති නිකොලස් මදුරෝ විශ්වාස කරයි.
සෙනසුරාදා ගුවන් විදුලි සම්මුඛ සාකච්ඡාවකදී මදුරෝ කියා සිටියේ වසංගතයට ප්‍රමුඛතාවය හිමිවන අතර, එම පරිසරය තුළ මැතිවරණයක් පැවැත්වීම වගකීම් විරහිත බවයි.
කෙසේ වෙතත් මෙම තීරණය ගැනීම එරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චය සභාවට පැවරෙන බව මදුරෝ කියා සිටියි.
"රට පුරා මැතිවරණයක් පැවැත්විය යුතු යැයි පැවසීම අද දවසේ මගේ පැත්තෙන් වගකීම් විරහිත ප්‍රකාශයක් වනු ඇති" මදුරෝ කියයි.
තම රජයේ ජනවරම ජාතික ව්‍යවස්ථා සම්පාදක මණ්ඩලයට දෙසැම්බර් දක්වා දීර්ඝ කිරීමට හැකි බව මෙහිදී මදුරෝ කියා සිටියද, රාජ්‍ය ගැති මෙම මණ්ඩලය සම්බන්ධයෙන් මතභේද පවතින බවද වෙනිසියුලාවෙන් වාර්තා වෙයි.
එමෙන්ම පසුගිය කාලය පුරාවට ජනාධිපතිවරයාගේ ජනප්‍රියත්වය අඩුවී තිබීමද ඔහුගේ මෙම තීරණයට තුඩුදිය හැකි බව විපක්ෂය චෝදනා කරයි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

