කොවිඩ් දුකසැප සෙවීමට ගිය ප්‍රංශ ජනපතිට කම්මුල් පහරක්
ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්රොන් කොවිඩ්-19 වසංගතය සමග එරට ජනජීවිතය යථාතත්ත්වයට පත්වන ආකාරය නිරීක්ෂණය සඳහා ගිණිකොණදිග ප්‍රංශයේ ඩ්රෝම් ප්‍රදේශයේ පා ගමනින් සිදුකළ සංචාරයකදී එහි රැඳී සිටි ප්‍රංශ වැසියෙකු ජනාධිපතිවරයාට වැරෙන් කම්මුල් පහරක් එල්ල කර තිබේ.
ඒ අවස්ථාවේදී මැක්රොන්ගේ ආරක්ෂ භටයන් වහාම මැදිහත්ව, එම ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා බිමට ඇද දමා ජනාධිපතිවරයාව ඔහුගෙන් ඉවතට ගෙනගොස් ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ප්‍රංශ අගමැති ජීන් කැස්ටෙක්ස් පැවසුවේ මෙම සිදුවීම ප්රජාතන්ත්රවාදයට සිදුකළ නිග්‍රහයක් බවයි.
විශේෂයෙන්ම මෙම සංචාරයේදී අවන්හල් හිමියන් සහ සිසුන් සමග කතාබහ කිරීම ජනාධිපතිවරයාගේ අරමුණ වී ඇති අතර, එම අවස්ථාවේදී මැක්රෝන්ගේ පැමිණීම අපේක්ෂාවෙන් රැඳී සිටි පිරිස අතර සිටි අයෙකු මෙම පහරදීම සිදුකර ඇත.
සමාජ මාධ්‍යවල සංසරණය වන වීඩියෝවක දැක්වෙන්නේ තාවකාලික ආරක්ෂක වැටක් අසල රැඳී සිටින පිරිසක් වෙත ජනාධිපතිවරයා ගමන් කරමින් ඔවුන්ට ආචාර කිරීමට යන අවස්ථාවේදී ජනාධිපතිවරයා මුලින්ම ආචාර කිරීමට යන පුද්ගලයාම "මැක්රොන් භංගවේවා" යනුවෙන් කෑගසමින් ඔහුට වැරෙන් කම්මුල් පහරක් එල්ල කරන දසුනකි.
අඳුරු ටී ෂර්ට් එකකින් සැරසී, උපැස් යුවළක් පැලඳ, මුඛ ආවරණයක්ද සහිතව සිටි මෙම පුද්ගලයා එම අවස්ථාවේදී ආරක්ෂක අංශ විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගේ අනන්‍යතාව හෝ ඔහු මෙලෙස පහරදීමේ අභිප්‍රාය මෙතෙක් හෙළිකර නොමැත.
කෙසේ වෙතත් මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රංශ ජනාධිපති කාර්යාලය මැක්රොන්ට පහර දීමට උත්සාහයක් දරා ඇති බව පැවසූ නමුත්, වැඩිදුර අදහස් දැක්වීම ප්‍රතික්ෂේප කළේය.





popular news
-
Demuni Uduwara Wednesday, 09 June 2021 02:22 AM
Our President will close "gama samaga pilisandar" with immediate effect. Our people may use knives.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

