කොලොම්බියා ජනපති ලෙස ගුස්ටාවෝ පෙට්රෝ පත්වෙයි
ගුස්ටාවෝ පෙට්රෝ ඉරිදා කොලොම්බියානු ජනාධිපති බවට පත් වූ අතර, අසමානතාවට සහ දේශගුණික විපර්යාසයන්ට එරෙහි සටනේදී බෙදී වෙන්වූ රට එක්සත් කිරීමට සහ කැරලිකරුවන් සහ අපරාධ කල්ලි සමග සාමය ඇති කිරීමට ප්‍රතිඥා දුන්නේය.
බොගෝටා හි හිටපු නගරාධිපතිවරයෙකු වන පෙට්රෝ, ඉරිදා පස්වරුවේ බොගෝටා හි බොලිවර් ප්ලාසා හිදී සෙනෙට් සභාපති රෝයි බැරේරස් ඉදිරියේ දිවුරුම් දෙන ලදී. ස්පාඤ්ඤ රජු VI වන ෆිලිපේ සහ අවම වශයෙන් ලතින් ඇමෙරිකානු ජනාධිපතිවරුන් 9දෙනෙකු ඇතුළු ආරාධිතයන් 100,000ක් පමණ ඊට සහභාගි වූහ.
"මට රටවල් දෙකක් අවශ්‍ය නැහැ. මට සමාජ දෙකක් අවශ්‍ය නැහැ. මට අවශ්‍ය ශක්තිමත්, සාධාරණ හා එක්සත් කොලොම්බියාවක්" හැඟීම්බර පෙට්රෝ සිය සමාරම්භක කතාවේදී පැවසීය. "ජාතියක් ලෙස අපට ඇති අභියෝග සහ පරීක්ෂණ ඉල්ලා සිටින්නේ එකමුතුකමේ සහ මූලික සම්මුතියේ කාල පරිච්ඡේදයක්."
ජාතික විමුක්ති හමුදාවේ (ELN) කැරලිකරුවන් සමග බිඳවැටුණු සාම සාකච්ඡා නැවත පණ ගැන්වීමට සහ එය ප්‍රතික්ෂේප කරන FARC ගරිල්ලන්ගේ හිටපු සාමාජිකයින්ට 2016 සාම ගිවිසුම සමග ඉදිරියට යෑමට පෙට්රෝ පොරොන්දු වී ඇත.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

