කොලොම්බියා උප ජනාධිපති කොවිඩ්-19 ආසාදනය වෙලා
කොලොම්බියාවේ උප ජනාධිපති මාර්ටා ලුසියා රාමරෙස් තමන්ට කොවිඩ්-19 සඳහා ධනාත්මක පරීක්ෂාවක් සිදුකළ ඇති බව ට්විටර් පණිවුඩයක් තබමින් පවසයි.
"ඊයේ ඊයේ කොවිඩ්-19 පරික්ෂණයක් සිදුකළා." ඇය ට්වීට් කළාය. "පරීක්ෂණ ප්‍රතිඵලය ධනාත්මක වී ඇති බව මම සියලු කොලොම්බියානුවන්ට දැන්වීමට කැමතියි. දෙවියන්ට ස්තූති වෙන්න, මම දැනට හොඳ සෞඛ්‍ය තත්ත්වයක සිටිනවා. ඒ වගේම මම නිරෝධායනයට අනුකූලව කටයුතු කරනවා."
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම සඳහා ගෙන ඇති මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග අනුගමනය කරමින් ස්ථිරව සිටින ලෙස උප ජනාධිපතිනිය සියලු කොලොම්බියානුවන්ගෙන් ඉල්ලා සිටියේ, "මේ වසංගතය යථාර්ථයක්. එය බොරුවක් නොවෙයි. එය අප සැමට බලපානු ඇති." යනුවෙන් පවසමිනි.
ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයට අනුව කොලොම්බියාවේ කොවිඩ්-19 ආසාදිතයන් මිලියනයකට ආසන්න සංඛ්‍යාවක් සහ මරණ 29,802ක් වාර්තා වී තිබේ. බ්‍රසීලය සහ ආර්ජන්ටිනාව පසු ලතින් ඇමරිකාවේ තුන්වැනි ඉහළම ආසාදන අවස්ථාව මෙයයි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

