වඩා හොඳ අධ්‍යාපනයක් ලබාදෙන ලෙස ඉල්ලා විරෝධතා පාගමනකට සහභාගී වූ කොලොම්බියානු යෞවනයෙක් කැරලි මර්දන පොලිසිය විසින් වෙඩි තැබූ රබර් උණ්ඩයක් ඔහුගේ හිසට වැදීම නිසා දින දෙකකට පසු දිවියෙන් සමුගෙන තිබේ.
ඩිලාන් ක්රෑස්ගේ මරණයෙන් කෝපයට පත් තරුණ විරෝධතාකරුවන් විසින් නව පෙළපාලි ආරම්භ කර ඇත්තේ පොලීසියේ ක්‍රියාවට දැඩි ප්‍රතිචාරයක් අවශ්‍ය බව පවසමිනි.
මේ අතර, ජනාධිපති අයිවන් ඩුක් පැවසුවේ ඩිලන් ක්රෑස්ගේ මරණය ගැන තමා කනගාටු වන බවයි.
එමෙන්ම, ජනාධිපතිවරයා විරෝධතා නායකයින් හමුවීමට නියමිතව තිබූ අතර, සිද්ධිය සමතයකට පත්කර ගැනීම එහි අභිලාෂය වී ඇත.
18 හැවිරිදි ශිෂ්‍යයෙකු වූ ඩිලාන්, සඳුදා බොගෝටාහි උසස් පාසලෙන් උපාධිය ලැබීමට නියමිතව සිටියේය.
ඔහු සෙනසුරාදා අගනුවර පැවති විරෝධතා පාගමනකට එක් වූයේ තමා වැනි සිසුන්ට උසස් අධ්‍යාපනයට ප්රවේශවීමේ දුෂ්කරතා ඉස්මතු කරමිනි.

