කොරෝනා හැඳින්වීමට යළිත් ට්‍රම්ප්ගෙන් ජාතිවාදී යෙදුමක්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය ප්‍රථම ජනාධිපතිවරණ රැලියේදී නව කොරෝනා වෛරසයට 'කුංග් ෆ්ලූ' (කුංග් උණ) ලෙස තවත් ජාතිවාදී ස්වරූපයේ යෙදුමක් භාවිත කර තිබුණේ, වෛරසය සඳහා නම් විශාල ප්‍රමාණයක් ඇති බවටද චෝදනා කරමිනි.
"එය රෝගයක්, කිසිදු සැකයකින් තොරව, ඉතිහාසයේ ඕනෑම රෝගයකට වඩා වැඩි නම් ප්‍රමාණයක් තියෙන රෝගයක්" ඔහු පැවසීය. "මට 'කුංග් ෆ්ලූ' ලෙස මෙය නම් කළ හැකියි. මට විවිධ නම් 19ක් මේ සඳහා භාවිත කළ හැකියි. බොහෝ දෙනෙක් එය වෛරසයක් ලෙස හඳුන්වනවා" ඔක්ලහෝමා ප්‍රාන්තයේ ටුල්සා හි ජනරැලිය අමතමින් ට්‍රම්ප් කීවේය.
ඔහු කොරෝනා වෛරසය සඳහා මෙම යෙදුම භාවිත කළ පළමු අවස්ථාව මෙය වන අතර, නව කොරෝනා වෛරසයේ නම කොවිඩ්-19 ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් නම් කිරීමට පෙර වසංගතය මුල් අවධියේදී ට්‍රම්ප් විසින් වෛරසය හඳුන්වනු ලැබුවේ 'චයිනීස් වෛරස්' (චීන වෛරසය) යනුවෙන් ජාතිවාදී යෙදුමක් ඊට එක් කරමිනි.

popular news
-
Demuni Uduwara Sunday, 21 June 2020 06:11 PM
Trump is exactly correct. Our rulers suffer from 'kungflu'.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

