ඇමරිකාවේ ගුවන් සේවා දැවැන්තයෙකු වන බෝයිං සමාගමෙන් කොරියානු එයාර් ගුවන් සේවයට ගුවන් යානා 103 ක් මිලදී ගැනීම සඳහා සමාගම් දෙක ගිවිසුමකට එක්ව තිබේ.මෙම ගිවිසුමේ වටිනායක ඇමෙරිකානු ඩොලර් බිලියන 36 ක් වෙයි.
සමාගම් දෙකේ ඒකාබද්ධ ප්රකාශයක අනුව, මෙම ගනුදෙනුව යටතේ කොරියානු ගුවන් සේවය බෝයිං 787, 777 සහ 737 යන ගුවන් යානා මිලදී ගැනීමට නියමිතය.
දකුණු කොරියානු ජනාධිපති ලී ජේ මියුන්ග් ඇමෙරිකාවේ සිදුකළ සංචාරයට සමගාමීව ඇමෙරිකානු ජනපති ට්රම්ප් හමුවී පැය කිහිපයකට පසුව මෙම ගිවිසුම ප්රකාශයට පත්කර තිබේ.