ඉරානය "කොන්දේසි විරහිතව යටත් විය යුතුයි" යැයි එක්සත් ජනපද ජනපති ඩොනල්ඩ් ට්රම්ප් පවසයි.
ඉරානය තුළ "පිළිගත හැකි" නව නායකත්වයක් තෝරා ගැනීමෙන් පසු එක්සත් ජනපදය සහ මිත්ර පාක්ෂිකයින්
එක්ව ඉරානය "ආර්ථික වශයෙන් විශාල, වඩා හොඳ සහ ශක්තිමත්" රටක් බවට පත්කරන බවද ට්රම්ප් පැවසීය.
යුද්ධය දෙවන සතියට එළඹීමට ආසන්නව තිබියදී, සතියකට පෙර උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීමෙන්
පසු ඉරානයට නායකත්වය දෙන්නේ කවුරුන්ද යන්න හෝ ටෙහෙරානයට එරෙහි එක්සත් ජනපද ප්රහාරය අවසන්
කරන්නේ කුමන කොන්දේසි මතද යන්න තවමත් පැහැදිලි නැත.
සිකුරාදා කතා කරමින් ධවල මන්දිර ප්රකාශිකා කැරොලයින් ලෙවිට් පැවසුවේ හමුදා මෙහෙයුම් සති හතරක් හෝ හයක් පවතිනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
