කේට් කුමරිය වෙත ඉඟිබිඟිපෑ සෑම් කොල්ලාගේ සෙල්ෆිය
ක්රෝන්වෝල් හි නිවාස සංවර්ධන ව්‍යාපෘතියක් නැරඹීමට පැමිණි කේට් කුමරිය ඉදිරියේ ඉඟිබිඟි පෑ එම ව්‍යාපෘතියේම ඉදිකිරීම් ශිල්පියෙකු ලෙස සේවය කළ අයෝමය තරුණයෙකු සමාජජාල තුළ සුවිශේෂී ජනප්‍රියත්වයක් හිමි කරගෙන සිටී.
කේම්බ්‍රිජ් හි ආදිපාදවරිය වන 34 හැවිරිදි කේට් කුමරිය, විලියම් කුමරාද සමග ක්රෝන්වෝල් නිවාස ව්‍යාපෘතිය නැරඹීමට යමින් සිටි අවස්ථාවේදී, එම ව්‍යාපෘතියේ සේවය කළ ඉදිකිරීම් ශිල්පීන් බොහෝ දෙනෙකු මග දෙපස රැඳී සිටිනු දක්නට ලැබුණි.
ඒ අතර සිටි එක් ආයෝමය තරුණයෙක් ඈත සිටම පැමිණෙන රාජකීයයන් දැක, තමාගේ ජංගම දුරකථනය පසුපසට මානමින්, සෙල්ෆී ඡායාරූප ගැනීමට උත්සාහ දරන ආකාරය දැකිය හැකි විය.
සෑම් වෙයින් නම් වූ මේ ඉදිකිරීම් ශිල්පියාගේ හැඩිදැඩි සිරුර හමුවේ කේට්ගේ සිත ගැස්සුණා දැයි ඇතමෙකු ප්‍රශ්න කර තිබුණේ, විලියම්ද ඒ තරුණයා දෙස සිනහමුසු මුහුණින් බලා සිටින විටය.
සෙසු තරුණයන් බොහෝ සංයමයෙන් යුතුව මේ රාජකීය යුවළ පැමිණෙන මග දෙපස සිටිද්දී, සෑම් ඒ කිසිත් ගණනකට නොගෙන වඩාත් උණුසුම් අයුරින් කේට් වෙත ඉඟිබිඟි පාන දසුන, කුමරිය විසින්ද මහත් උනන්දුවකින් පිළිගත් බව ඇගේ ඉහවහා ගිය සිනහව සාක්ෂි දරා තිබුණි.
තමන් 2014 වසරේදී ද චාල්ස් කුමරු සමග සෙල්ෆී ඡායාරූපයක් ගත් බව පවසා තිබූ සෑම්, විලියම් හා කේට් සමග ගත් ඡායාරූපය චාල්ස් සමග ගත් සමීප ඡායාරූපය තරමටම නැතත් එයද රාජකීය ඡායාරූපයක් බව සිය ෆේස්බුක් ගිණුමේ සටහන් කර තිබුණි.
	.jpg)
.jpg)
.jpg)
popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

                    
                    
                                
                                
                                
                                
 
                                                
                                                
                                                
                                                
                                                
                                                