කිම් ජොන්ග්-උන් වියට්නාමය වෙත දුම්රියෙන්ම ළඟා වෙයි
ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්රම්ප් සමග ඉදිරි සති අන්තයේ සිදුකරන ද්වීපාර්ශ්වික සාකච්ඡාවට සහභාගී වීම සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන්ග්-උන් වියට්නාමය වෙත ළඟා වී තිබේ.
ඔහුගේ විශේෂිත දුම්රිය ටොන්ග් ඩැන්ග් දුම්රිය ස්ථානය වෙත ළඟා වී ඇති අතර, එතැන් සිට හැනෝයි නුවර දක්වා අධි ආරක්ෂිත මෝටර් රථයකින් ඔහු ගමන් කිරීමට නියමිතය.
සිංගප්පූරුවේදී පසුගිය වසරේ ජුනි මාසයේ පැවති පළමු වටයේ සාකච්ඡාවලින් පසුව පැවැත්වෙන දෙවැනි ඓතිහාසික හමුව මෙයයි.
කිම් ජොන්ග්-උන් රැගත් දුම්රිය ඩොන්ග් ඩැන්ග් දුම්රිය ස්ථානය වෙත ළඟා වනවිට උතුරු කොරියානු ධජ රැගත් පිරිස් ඔහු පිළිගැනීමට දෙපස රැඳී සිටි අතර, රතු පළස් මතින් ඔහුට උණුසුම් පිළිගැනීමක් ලබාදී තිබේ.
එහිදී, රැස්ව සිටි ජනතා ආචාරය ඉදිරියේ සුළු මොහොතක් සතුටින් සිටි කිම්, පසුව හැනෝයි නුවර බලා පිටත්ව ගොස් ඇත.
මෙම සංචාරයට ඔහු සමග ඔහුගේ නැගණිය වන කිම් යෝ-ජොන්ග් සහ හිටපු ජෙනරාල් කිම් යොන්ග්-චෝල් පැමිණෙන බව විශ්වාස කෙරෙයි.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්රීසි අකුරෙන් ලියා එවන්න.

