www.ada.lk
2026 මැයි මස 28 වන බ්‍රහස්පතින්දා
ඇමෙරිකා එක්සත් ජනපදයේ වොෂිංටන් ඩීසී හි කැපිටල් ගොඩනැගිල්ල හෙවත්, කොංග්රස් මණ්ඩල ගොඩනැගිල්ලට කඩා වැදුණු ට්‍රම්ප් හිතවාදී ඇතැම් විරෝධතාකරුවන් ආයුධ සන්නද්ධව සිටි බව විදෙස් වාර්තා පවසයි.
කැපිටල් ගොඩනැගිල්ලට කඩාවදිමින් සිටි පිරිසෙන් ඇතැමෙකු පොලිසිය විසින් රඳවා ගනු ලැබූවත්, ඉන් ඇතැම් පිරිස් බිත්ති දිගේ නගිමින් සෙනෙට් මන්ත්‍රී ශාලාවට කඩා වැදී තිබුණි. එහිදී ඇතැමුන් පොලිසියේ ග්‍රහණයට හසුවිණි.
"අපට ඕනෑ ට්‍රම්ප්" යනුවෙන් විරෝධතාකරුවන් හඬ නගද්දී මාධ්‍යවේදීන් හා මහජන නියෝජිතයින් ආරක්ෂාව පතා එම ගොඩනැගිල්ලේ හෙළි නොකළ ආරක්ෂිත ස්ථානයක් වෙත රැගෙන ගොස් ඇති බව කියයි.
මෙහිදී කොංග්රස් මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිත ස්ථාන කරා දිව යන ආකාරයත්, ඇතැම් වයෝවෘද්ධ කොංග්රස් සභිකයන් දැඩි අපහසුතාවකට පත්ව එම ස්ථානයන්හිම බිම දිගාවී සිටින ආකාරයත් දැකිය හැකි විය.
ඇමෙරිකාවේ මේ ආකාරයේ ප්රජාතන්ත්රවාදය සම්පූර්ණයෙන්ම බිඳ වැටී, ප්‍රචණ්ඩකාරී ස්වභාවය ඉහළ යමින් තිබියදී පොලිසිය විසින් අතිරේක ආරක්ෂක පිරිස් කැඳවීය.
popular news
තෙල් මිල පහළට
කැබ් අනතුර ඝාතනයක් බව හෙළිවෙයි
තවත් වනාන්තර පහක් රක්ෂිත කරයි
ඉරානය හා ඇමෙරිකාව ගිවිසුමකට?
රුපියලේ අද තත්වය
ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනේදී කාන්තාවක් ඝාතනය කළ සැකකරු වසර 3ට පසු අල්ලයි
ඔබේ අදහස් එවන්න. ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
ඔබේ අදහස් එවන්න.
Reply To:
Eranda - cb chds hcdsh cdshcsdchdhd