කැනඩා නිවාස අඩස්සියේ සිටි චීන ව්‍යවසායිකාව මවු රටට
එක්සත් ජනපද බලධාරීන්ගේ ඉල්ලීම පරිදි කැනඩාව විසින් 2018 දෙසැම්බරයේ සිට නිවාස අඩස්සියේ රඳවාගෙන සිටි චීනයේ හුවාවේ සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරි මෙං වැන්ෂෝ යළි මවු රට බලා පැමිණ තිබේ.
ඇයට එරෙහිව පවරා ඇති නඩුව අත්හිටුවීමට එක්සත් ජනපදයේ නඩු පවරන්නන් සිකුරාදා එකඟවීමත් සමග මේ ආකාරයෙන් ඇයට යළිත් සිය රට බලා පැමිණීමට හැකි විය.
චීනයේ දකුණේ ෂෙන්සෙන්හි බුවාන් ජාත්‍යන්තර ගුවන් තොටුපළට ගොඩ බැසීමෙන් පසු ඇය සඳහන් කළේ තමා ගැන සැලකිලිමත් වූ සැමට සිය කෘතඥතාව පළ කර සිටින බවයි.
"අවසාන වශයෙන්, මම ගෙදර" ඇය පිළිගැනීමට ගුවන් තොටුපළට පැමිණි මිනිසුන් ඉදිරියේ මෙං පැවසීය. ඔක්තෝබර් 1 දාට යෙදෙන ජාතික දිනයට පෙරම ඇය සිය මව් රටට සුබ පැතුම්ද එක් කළාය.
සෑම චීන පුරවැසියෙකුගේම ආරක්ෂාව ගැන ජනාධිපති ෂී ජින්පිං සැලකිලිමත් වන බව ඇය පැවසුවාය. "ඔහු මගේ කාරණය මතක තබා ගත්තා. මම දැඩි ලෙස කම්පාවට පත්වෙලයි සිටියේ" මේන්ග් වැඩිදුරටත් පැවසීය.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

