කාබුල් නුවර තොරතුරු අමාත්‍යාංශයට ප්‍රහාරයක්
ඇෆ්ගනිස්ථානයේ, මධ්‍යම කාබුල් නුවර පිහිටි තොරතුරු අමාත්‍යාංශය වෙත වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇති බව විදෙස් වාර්තා පවසයි.
අද පෙරවරු 11.40ට පමණ අමාත්‍යාංශය අසල පිපිරීමක් සමග මෙම ප්‍රහාරය ඇරඹී ඇති අතර, පසුව පැය 6කට වැඩි කාලයක් ආරක්ෂක අංශ සහ තුවක්කුකරුවන් අතර වෙඩි හුවමාරුව සිදුව ඇති බව පැවසෙයි.
මෙම ප්‍රහාරයට සම්බන්ධ වූ එක් තුවක්කුකරුවෙකු ගොඩනැගිල්ල තුළට කැඩා වැදී ඇති බවද පොලීසිය සඳහන් කළේය.
ඇෆ්ගන් බලධාරීන් සහ තලේබාන් සටන්කරුවන් අතර සාකච්ඡා බිඳ වැටී දින කිහිපයකින් මෙම ප්‍රහාරය එල්ල වී තිබුණත්, මෙය තම සංවිධානය විසින් සිදුකළ ප්‍රහාරයක් නොවන බව ඔවුහු පවසති.
මාස කිහිපයක් තරමක සාමකාමී වටපිටාවක් පැවති කාබුල් නගරය ආශ්‍රිතව පසුගිය කාලයේදී වරින් වර ප්‍රහාර වාර්තා වූ අතර, මෙම ප්‍රහාරය මාස කිහිපයකට පසු එල්ල වූ ප්‍රබල ප්‍රහාරයක් වෙයි.
ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති අතර, සිවිල් වැසියන් හය දෙනෙකු තුවාල ලබා තිබේ.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

