ක්ලෝරොක්වීන් ගත් රෝගීන් මරණ අනුපාතය ඉහළ ගිහින්
ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් කොවිඩ්-19 රෝගීන්ට ප්‍රතිකාරයක් ලෙස භාවිත කළ හැකි යැයි පැවසූ හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් මගින් එම රෝගීන්ගේ කෘත්‍රිම ශ්වසන අවශ්‍යතා ඇතිවීමට ඇති ඉඩකඩ අඩුකර නැති බවත්, එම ඖෂධය ලබාගත් රෝගීන්ගේ මරණ අනුපාතය ඉහළ ගොස් ඇති බවත් නවතම අධ්‍යයනයකින් හෙළි වී තිබේ.
ඇමෙරිකානු වෛද්‍ය විශේෂඥයන් විසින් සිදුකළ අධ්‍යයනය සඳහා ජාතික සෞඛ්‍ය ආයතනය සහ වර්ජීනියා විශ්වවිද්‍යාලය අරමුදල් සපයා ඇත.
ඒ අනුව කොවිඩ්-19 රෝගීන් 368 දෙනෙකු යොදා සිදුකළ මෙම අධ්‍යයනයේදී, හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් ලබාගත් රෝගීන් 97 දෙනෙකුගේ මරණ අනුපාතය 27.8%කි. ඖෂධය නොගත් රෝගීන් 158 දෙනාගේ මරණ අනුපාතය 11.4%කි.
මීට අමතරව, හයිඩ්රොක්සික්ලෝරෝක්වින් හෝ හයිඩ්රොක්සික්ලෝරෝක්වින් හා ප්‍රතිජීවක ඇසිත්‍රොමයිසින් එකවිට ගැනීමෙන් රෝගියෙකුට කෘත්‍රිම ශ්වසය ලබාගැනීමේ අවශ්‍යතාව ඇතිවන්නේද නැද්ද යන්න පර්යේෂකයන් සොයා බලා තිබේ.
මෙම අධ්‍යයනයේදී ඇසිත්‍රොමයිසින් සමග හෝ නොමැතිව හයිඩ්‍රොක්සික්ලෝරොක්වීන් භාවිතය කෝවිඩ්-19 නිසා රෝහල් ගත කර ඇති රෝගීන්ට කෘත්‍රිම ශ්වසනය ලබාදීමේ අවශ්‍යතාව අඩුකළ බවට කිසිදු සාක්ෂියක් හමු නොවූ බවද පෙන්වා දෙයි.
කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර කිරීම සඳහා බොහෝ ඖෂධ පිළිබඳ පර්යේෂණ සිදුවෙමින් පැවතුනද, වෛරසය වැළැක්වීම හෝ ප්‍රතිකාර කිරීම සඳහා එක්සත් ජනපද ආහාර හා ඖෂධ පාලනාධිකාරිය විසින් ඒ සඳහා දැනට අනුමත කරනලද ඖෂධයක් නොමැත.
මැලේරියාව ඇතුළු තවත් රෝගාබාධ කිහිපයක් වෙනුවෙන් ප්‍රතිකාර කිරීම සඳහා හයිඩ්රොක්සික්ලෝරෝක්වින් මීට පෙර භාවිත කර තිබුණි. ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් කොවිඩ්-19 සඳහා %ගේම් චේන්ජර්^ ලෙස මෙම ඖෂධය ගැන කතාකළ අතර, හයිඩ්රොක්සික්ලෝරෝක්වින් 'දැවැන්ත විශ්වාසයක්' පෙන්වන බව පැවසීය.
ට්‍රම්ප් මෙම ඖෂධය පිළිබඳ උද්යෝගීමත් වුවත්, එය කොවිඩ්-19 ආසාදිතයන්ට ලබාදීම ආරක්ෂිත දැයි තවදුරටත් අධ්‍යයනය කළ යුතු බව වෛද්‍යවරු අනතුරු අඟවා තිබුණු අතර, මීට පෙර සිදුකර තිබූ පර්යේෂණ කිහිපයකින්ද මෙම ඖෂධය කොවිඩ්-19 සඳහා ප්‍රතිකාර කිරීමට යෝග්‍ය නොවන බව සඳහන් විය.
ශ්‍රී ලංකාවේ ප්‍රබල දේශපාලඥයෙකුද ට්‍රම්ප්ගේ යෝජනාවෙන් පසුව හයිඩ්රොක්සික්ලෝරෝක්වින් (ප්ලැකනිල්) හා ප්‍රතිජීවක ඇසිත්‍රොමයිසින් කොවිඩ්-19 රෝගීන් සඳහා යෝග්‍ය බවට ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කර තිබුණි.

popular news
-
P Gunawardana Thursday, 23 April 2020 08:22 AM
Please find the following video on a good balanced comparison on Hydroxy chloroquine trials . Oh. Cant paste the link. Anyway, please compare all the studies before coming to a conclusion (the state of patients on which they used HCQ, whether in combination with Azithromycin, Vitamin C, D, or Zinc, the overall support given to COVID19 patients at the said treatment center etc)
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

