කොරෝනා සටනට දින 10කින් නිම වූ හූෂෙන්ෂාන් රෝහල
කොරෝනා වෛරසය සමග සටන් වැදීම සඳහා චීනය විසින් දින 10ක් තුළ ඉදිකරන ලද ඇඳන් 1,000 හූෂෙන්ෂාන් රෝහල අද (03දා) විවෘත කෙරෙන බව චීන මාධ්‍ය පවසයි.
එමෙන්ම බෝවන රෝග පිළිබඳ අත්දැකීම් ඇති චීන හමුදා වෛද්‍ය කාර්ය මණ්ඩලයේ 1,400 ක් වුහාන් වෙත පැමිණ ඇති බවද එරට මාධ්‍ය වාර්තා පවසූ අතර, මීට සමගාමීව ඉදිකෙරෙමින් පැවති ලයිෂෙන්ෂාන් හි දෙවැනි රෝහලේ ඉදිකිරීම් කටයුතු බදාදා අවසන් කිරීමට නියමිත බවද සඳහන් කෙරිණි.
ජාතික සෞඛ්‍ය කොමිෂන් සභාවේ ප්‍රකාශක ජියාඕ යාහුයි රොයිටර් පුවත් සේවයට පැවසුවේ නව රෝහල් සමඟ නගරයට ඇඳන් 10,000කට වැඩි ප්‍රමාණයක් ඇති බවත් එය දැනට සැක සහිත හා තහවුරු කර ඇති සිද්ධීන් සමඟ සාර්ථකව කටයුතු කිරීමට ප්‍රමාණවත් බවත්ය.
චීනයේ හුබෙයි පළාතේ වුහාන් නගරය කේන්ද්‍ර කර ගනිමින් පැතිරීම ඇරඹුණු නව කොරෝනා වෛරසය හේතුවෙන් චීනයේ පමණක් ඊයේ (02දා) දිනය අවසන් වනවිට මියගොස් සිටි ප්‍රමාණය 361කි. එක් රෝගියෙකු චීනයෙන් පිට පිලිපීනයේදී ජීවිතක්ෂයට පත්විය. එමෙන්ම වෛරසය ආසාදනය වී ඇති පිරිසද 17,000 ඉක්මවා ගොසිනි.





popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

