කැනඩා - චීන ගිනි ඇවිලූ ට්‍රම්ප්ම ගිනි නිවන බවට පොරොන්දු වේ
ඇමෙරිකානු න්‍යාය පත්‍රයට කටයුතු කිරීමෙන් චීනය සහ කැනඩාව අතර ඇතිවී තිබෙන මතභේදය සමනය කිරීමට තමන් සියලු ආකාරයේ සහාය දක්වන බව ඇමෙරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.
වොෂිංටනයේ සංචාරයක නිතර කැනඩා අගමැති ජස්ටින් ටෘඩෝ වෙත ඇමෙරිකානු නායකයා මෙම සහතිකය ලබාදී ඇති බව විදෙස් වාර්තා පවසයි.
විශේෂයෙන්ම ජපානයේදී පැවැත්වෙන එලැඹෙන G20 රාජ්‍ය නායක සමුළුවේදී චීනයේදී අත්අඩංගුවට පත්ව සිටින කැනේඩියානුවන් දෙදෙනා සම්බන්ධයෙන් සාකච්ඡාවට ගැනෙනු ඇති බව තමා විශ්වාස කරන්නේ යැයි ටෘඩෝ පවසයි.
විශේෂයෙන්ම, චීනය සහ වෙළෙඳාම සම්බන්ධයෙන් වූ කරුණු ගැන සාකච්ඡාවට කැනේඩියානු නායකයා ඇමෙරිකාවට පැමිණ තිබුණි.
කැනඩාව හා චීනය අතර මෙම ගැටුම උත්සන්න වූයේ ඇමෙරිකාවේ ඉල්ල්මක් මත හුවාවේ සමාගමේ විධායක නිලධාරිනියක වූ මෙන්ග් වැන්සෝව් එරට වැන්කෝවර් නගරයේදී අත්අඩංගුවට ගැනීමත් සමගිනි.
කෙසේ වෙතත්, ඇය අත්අඩංගුවට ගැනීමත් සමග ඊට එකට එක කිරීමක් ලෙස චීනයේ සිටි හිටපු රාජ්යාත්න්රිකයෙකු වූ මයිකල් කොව්රින්ග් සහ ව්‍යාපාරිකයෙකු වූ මයිකල් ස්පැවෝර් චීනයට එරෙහිව ඔත්තු බැලුවේ යැයි යන චෝදනා මත අත්අඩංගුවට ගැනුණි.

popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

