කඩා වැටුණු යානයේ කළු පෙට්ටිය ඇමෙරිකාවට දෙන්නෑ - ඉරානය
පුද්ගලයන් 176 දෙනෙකුට මරු කැඳවමින් ඉරානයේදී කඩා වැටුණු යුක්රේනයට අයත් බෝයිං 737 වර්ගයේ මගී ගුවන් යානයේ කළු පෙට්ටිය පරීක්ෂණ සඳහා බෝයිං සමාගමට හෝ ඇමෙරිකාවට ලබාදීම ඉරානය ප්‍රතික්ෂේප කරයි.
මෙම ගුවන් අනතුරින් යානයේ ගමන්ගත් සියලු දෙනා ජීවිතක්ෂයට පත්වූ අතර, එහි සිටි වැඩි පිරිස ඉරාන ජාතිකයන් වූහ.
එමෙන්ම එක්සත් ජනපද ආරක්ෂඛ හමුදා රැඳී සිටින ඉරාකයේ කඳවුරු දෙකකට ඉරාන බැලස්ටික් මිසයිල ප්‍රහාර එල්ල කර සුළු වේලාවකින් මෙම යානය කඩා වැටීමද කාගේත් අවදානයට ලක්වූ සිදුවීමක් විය.
යුක්රේන ජාත්‍යන්තර ගුවන් සේවයට අයත් යානය අනතුරට ලක්ව තිබුණේ ඉමාම් කොමෙයිනි ගුවන් තොටුපොළින් ගුවන්ගතව සුළු වේලාවකිනි.
යානය යුකරේනයේ කිව් අගනුවර බලා පියාසර කරමින් තබූ අතර, යුක්රේන රජය පැවසුවේ විමර්ශන කණ්ඩායම් දැනටමත් ඒ වෙත යොමුකර ඇති බවය.
කෙසේ වෙතත්, ජාත්‍යන්තර ගුවන් තරණ නීතිරෙගුලාසි අනුව මෙවැනි අනතුරකදී ඉරානයට කටයුතු කිරීමට සිදුවනු ඇති බව විශ්ලේෂකයෝ පවසති.
එමෙන්ම මෙවැනි කළු පෙට්ටියක් පරීක්ෂා කිරීමේ නිසි හැකියාව ඇත්තේ ඉතා අතලොස්සක් වූ රටවලට පමණි. එහිදී යානයේ නිෂ්පාදක රට වන ඇමෙරිකාවට ප්රමුඛස්ථානයක් හිමි වෙයි.



popular news
-
Kumar Saturday, 11 January 2020 07:57 AM
ඉරානය විලි වසා ගන්න බැරිව දගලනවා. ගුවන් යානය කඩ වැටුන ස්ථානය පිටරටින් එන පරික්ෂයන් දකින්නත් කලින් යානයේ කැබලි ඉවත්කර අතුගාලා පිරිසිඳු කරලා.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

