ඔස්ට්‍රේලියාව පිටුවහල් කළ ජොකොවික් ගෙදර ඇවිත්
කොවිඩ්-19 එන්නත් ලබානොගෙන සිටීම හේතුවෙන් ඔස්ට්‍රේලියාව විසින් ලොව අංක එකේ ටෙනිස් ක්‍රීඩකයා පිටුවහල් කිරීමෙන් පසු 21 වැනි ග්‍රෑන්ඩ් ස්ලෑම් ශූරතාව සඳහා වූ සිය අවසාන උත්සාහයද අසාර්ථක වූ නොවැක් ජොකොවික් සර්බියාවේ පිහිටි සිය නිවසට පැමිණ තිබේ.
ඔහු සර්බියාවට ගොඩබසින අවස්ථාවේදී "ඔබ අපේ ශූරයා, නොවැක්!" බෙල්ග්‍රේඩ් ගුවන් තොටුපළෙන් පිටත ජාතික ධජ ලෙළවමින් ආධාරකරුවන් කෑ ගැසූහ.
34 හැවිරිදි ජොකොවික් මීට පෙර ඔස්ට්‍රේලියානු විවෘත ටෙනිස් තරග නවයක් ජයග්‍රහණය කර ඇති අතර ශූරතා 20ක් ජයගනිමින් රෆායල් නඩාල් සහ රොජර් ෆෙඩරර් සමග සම තත්ත්වයේ පසුවෙයි.
මේ අතර ප්‍රංශ ක්‍රීඩා අමාත්‍යාංශයද ප්‍රංශයේ නව එන්නත් අනිවාර්ය කිරීමේ නීතියෙන් නිදහස් වීමක් කිසිවෙකුට නොමැති බව ප්‍රකාශ කිරීමෙන් පසුව, ජොකොවික් තවදුරටත් එන්නත ලබා නොගන්නේ නම් ඔහුට ප්‍රංශ විවෘත ටෙනිස් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමද තහනම් විය හැකි බව කීය.
ප්‍රංශයේ එන්නත් අනිවාර්ය කිරීමේ නීතිය ඉරිදා පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද අතර, අවන්හල්, කැෆේ, සිනමා ශාලා සහ දිගු දුර දුම්රිය වැනි පොදු ස්ථානවලට ඇතුළු වීමට මිනිසුන්ට එන්නත් සහතික පත්‍රය අත්‍යවශ්‍ය වෙයි.



popular news
-
Kumar Tuesday, 18 January 2022 04:42 PM
may kridakaya pituwahalkaley visa illumpathraye sathyenthoradey sundahankara thibuna nisayi
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

