ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලාංකේය පුංචි සූපවේදිනිය කිරුළු පලඳී
ඔස්ට්‍රේලියාවේ පැවති 'ජූනියර් මාස්ටර්චෙෆ් 2020' තරගයේ කිරුළ හිමිකර ගැනීමට ශ්‍රී ලාංකේය සම්භවයක් ඇති දැරියක වන 11 හැවිරිදි ජේර්ජියා සමත්ව තිබේ.
ඔස්ට්‍රේලියානුවන් අතර වඩාත් ජනප්‍රිය මෙම වැඩසටහනේදී මුල සිටම ජෝර්ජියා සිය ආච්චි අම්මාගෙන් උගත් ඉවුම් පිහුම් ඔස්සේ විනිශ්චය මණ්ඩලය පුදුම කිරීමට සමත් වූවාය.
ඒ අනුව ජෝජියා අවසන් වටයේදී තවත් තරගකරුවන් දෙදෙනෙකු සමග තරග වැදී ජයග්‍රහණය හිමිකර ගත් අතර, 11 හැවිරිදි දැරියක විසින් මෙතරම් රසවත් ආහාර සෑදීම සම්බන්ධයෙන් විනිශ්චයකරුවන් සෑම අවස්ථාවකම පුදුම විය.,
එමෙන්ම ඇගේ මෙම සුවිශේෂී හැකියාව හමුවේ, ශ්‍රී ලාංකේය ආහාරපාන හා ආහාර රටාවන් කෙරෙහි ඔස්ට්‍රේලියාව ප්රමුඛ විදෙස් රටවල වැඩි උනන්දුවක් ඇතිකර ලීමටද හේතු වී ඇත. වසංගත තත්ත්වයෙන් පසුව ශ්‍රී ලාංකේය සංචාරක ක්ෂේත්රයටද මෙය හොඳ පිටුබලයක් වනු ඇත.
මෙම තරගය ජයගත් ජෝර්ජියා වෙත ඔස්ට්‍රේලියානු ඩොලර් 25,000ක මුදල් ත්‍යාගයක් හිමිකර ගැනීමටද හැකිවිය.





popular news
-
Nimal Tuesday, 10 November 2020 09:48 AM
Congragulations to Perjiya!
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

