ඔස්ට්‍රේලියානු සිසුවා උතුරු කොරියාවේදී අත්අඩංගුවට පත්වීද?
තම පුරවැසියෙකු උතුරු කොරියාව විසින් සිරගත කර ඇති බවට වන පුවත සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කරන බව ඔස්ට්‍රේලියාව කියයි.
ප්යොන්ග්යැන් නුවර ජීවත් වූ 29 හැවිරිදි ඇලෙක් සිග්ලේ නමැති ඔස්ට්‍රේලියානු සිසුවා අත්අඩංගුවට පත්ව ඇතිද යන්න මෙතෙක් තහවුරු කරගැනීමට නොහැකි වුවත්, පසුගිය අඟහරුවාදා දිනයේ සිට ඔහු පිළිබඳ කිසිදු හෝඩුවාවක් නොමැති බව ඔහුගේ පවුලේ ඥාතීහු පවසති.
එමෙන්ම, මෙම සිසිවාගේ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලීමට ඔස්ට්‍රේලියානු රජය කටයුතු කරමින් සිටින බවද ඔහුගේ පවුලේ ඥාතීහු පවසති.
මේ අතර, දකුණු කොරියනු නියෝජිතයෙකු මේ සම්බන්ධයෙන් උතුරු කොරියානු බලධාරීන් සමග සාකච්ඡා පවත්වා ඇති බවත් සඳහන් වෙයි.
කෙසේ වෙතත්, මෙතෙක් ඔහු අත්අඩංගුවට පත්ව ඇතිද යන්න තහවුරු කරගැනීමට මෙම කිසිදු මාර්ගයක් හරහා අවස්ථාව නොලැබුණු බව ඔහුගේ ඥාතීහු වැඩිදුරටත් පවසති.
මීට පෙර විදේශිකයන් කිහිප දෙනෙකු උතුරු කොරියාවේදී අත්අඩංගුවට පත්ව සිරගත කෙරුණු අතර, අවසන් වරට ඇමෙරිකානු සිසුවෙකු වූ ඔටෝ වෝම්බියර් උතුරු කොරියානු අත්අඩංගුවේ සිට පසුව කෝමා තත්ත්වයකින් ඇමෙරිකාවට පිටුවහල් කිරීමෙන් දින කිහිපයකට පසුව ජීවිතක්ෂයට පත්විය.



popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

