ඔස්ට්‍රේලියා ලැව්ගිනි පාලනය ගැන දෝෂ අගමැති මොරිසන් පිළිගනියි
ඔස්ට්‍රේලියාව පුරා පැතිරී ඇති ලැව්ගිනි අර්බුදය සම්බන්ධයෙන් කටයුතු කිරීමේදී සිදුවූ ප්‍රමාදයන් ඔස්ට්‍රේලියානු අගමැති ස්කොට් මොරිසන් ප්‍රසිද්ධියේ පිළිගෙන තිබේ.
විශේෂයෙන්ම මෙම ගින්න මැඬපැවැත්වීමට රජය දැක්වූ ප්‍රතිචාරය සහ එහි දේශගුණික ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අගමැතිවරයා දැඩි විවේචනවලට මුහුණ දී සිටියේය.
සැප්තැම්බර් මාසයේ සිට ගින්නෙන් අවම වශයෙන් පුද්ගලයන් 28 දෙනෙකු මිය ගොස් නිවාස දහස් ගණනක් විනාශ වී තිබුණි.
තමාට මීට වඩා යුහුසුළුව හා හොඳින් ගින්න සම්බන්ධයෙන් ක්‍රියාකළ යුතුව තිබුණේ යැයි අගමැතිවරයා අද (12දා) කියා සිටියේය.
දරුණුතම ගිනිදැල් සංකේන්ද්‍රණය වී තිබූ නිව් සවුත් වේල්ස් සහ වික්ටෝරියා ප්‍රාන්තවල ගින්නෙන් පීඩාවට පත් ප්‍රජාවන් බැලීමට පසුගිය සතියේ ගිය අගමැතිවරයාට ජනතා විරෝධයක්ද එල්ල විණි.
නිව් සවුත් වේල්ස් හි කොබාර්ගෝ නගරයේදී එක් කාන්තාවක් විසින් ගිනි නිවීමේ හමුදා සඳහා වැඩි සම්පත් යොදන ලෙස අගමැතිවරයාට කියද්දී තවත් බොහෝ දෙනෙකු අගමැතිවරයා හැඳින්වූයේ මෝඩයෙකු ලෙසිනි. එමෙන්ම ඔහුට එම ප්‍රාන්තවල කිසිදු ඡන්දයක් හිමි නොවනු ඇති බවද ඔවුන් පවසා තිබුණි.


popular news
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.
