තරුණ ඔස්ට්‍රේලියානුවන් 100ක්ද ඇතුළුව ඔස්ට්‍රේලියාව සිය පුරවැසියන් වුහාන් නගරයෙන් ආපසු ගෙන්වා ගැනීමට සූදානම්න වෙමින් සිටින බව ඔස්ට්‍රේලියාවේ සෞඛ්‍ය අමාත්‍ය ග්‍රෙග් හන්ට් පැවසීය.
වුහාන් හි පුරවැසියන් වෙනුවෙන් කළ හැකි දේ පිළිබඳව තමන් චීන විදේශ අමාත්‍යවරයා මෙන්ම අනෙකුත් රටවල් සමඟ සම්බන්ධ වී සිටින බව හන්ට් වැඩිදුරටත් සඳහන් කළේය.
“අපි ඔස්ට්‍රේලියානුවන්ගේ උදව්වට පැමිණෙන බවටත්, ඒ වෙත පැමිණෙන බව සහතික කර ගැනීමටත් කඩිනම් ක්‍රියාමාර්ග කරමින් සිටිනවා. ඔස්ට්‍රේලියාවට ආපසු යාමේ හැකියාව සුරක්ෂිත කර ගැනීමට අපගේ අනෙකුත් රටවල් මෙන්ම අපිත් කටයුතු කරමින් සිටිනවා.” හන්ට් පැවසීය.
මේ අතර කොරෝනා වෛරසය වැළඳී ඇති බවට සැක කෙරෙන පස්වැනි ඔස්ට්‍රේලියානුවාගේ රුධිර සාම්පලවල අවසන් ප්‍රතිඵලය අද දිනයෙන් පසුව ලබාගැනීමට බලාපොරොත්තු වන බවද ඔහු සඳහන් කළේය.
කොරෝනා වෛරසය මතුව ඇති චීනයේ වුහාන් නගරය මේ වනවිට ජන ශුන්‍ය නගරයක් බවට පත්ව ඇති අතර, චීනයෙන් පිටත ස්ථාන 13ක් කරා එය මේ වනවිට ව්‍යාප්තව තිබේ.
එක්සත් ජනපදය වැනි අනෙකුත් රටවල්ද මේ වනවිට තම පුරවැසියන් නගරයෙන් ඉවත් කිරීමට දැඩි පරිශ්රමයක නිරත වෙමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය පවසයි.
ඇමෙරිකානු රාජ්‍ය තාන්ත්‍රිකයින් සහ පුරවැසියන් වුහාන් වෙතින් ඉවත් කිරීම සඳහා එක්සත් ජනපද රජය විශේෂ ගුවන් ගමනක් සූදානම් කර ඇත.
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_3521d067a5.jpg)
![](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.ada.lk/assets/uploads/image_db021c0d3a.jpg)