ඔමික්‍රෝන්වලින් බේරෙන්න සිනොෆාම් ප්‍රමාණවත් - WHO
ඔමික්‍රෝන් කොරෝනා වෛරස ප්‍රභේදය පෙර පැවති ප්‍රභේදවලට වඩා මෘදු රෝග ලක්ෂණ ඇති කරන, ඉහළ ශ්වසන පද්ධතියට බලපාන බවට තවත් සාක්ෂි මතුවෙමින් පවතින බව ලෝක සෞඛ්‍ය නිලධාරියෙක් (WHO) ප්‍රකාශ කරයි.
ඔමික්‍රෝන් වෛරසයෙන් ආරක්ෂා වීමට විශේෂිත එන්නතක් අවශ්‍ය දැයි විමසූ විට, WHO හි සිද්ධීන් පිළිබඳ කළමනාකරු අබ්දි මහමූද් පැවසුවේ එය පැවසීමට ඉක්මන් වැඩි නමුත්, මෙම තීරණයට ගෝලීය සම්බන්ධීකරණය අවශ්‍ය බවයි. එවැනි තීරණයක් වාණිජ අංශයට (එන්නත් නිපදවන සමාගම්වලට) පමණක් තීරණය කිරීමට ඉඩ නොදිය යුතු බවද හෙතෙම අවධාරණය කළේය.
ඔමික්‍රෝන් ප්‍රභේදය චීනයේ නිෂ්පාදිත එන්නත්, සීනොෆාම් සහ සීනොවැක් යන එන්නත් වර්ග ලබාගත් අයව "දැඩි රෝහල්ගත කිරීම්"වලින් ආරක්ෂා වන බවද මහමූද් පැවසීය.
ඔමික්‍රෝන් හඳුනාගත් පළමු රටවලින් එකක් වන දකුණු අප්‍රිකාවේ අධ්‍යයනයක් ඇතුළුව අනෙකුත් දත්ත සමඟ දරුණු රෝග ඇතිවීමේ අවදානම අඩු බවට ඔහුගේ ප්‍රකාශය සිදුවිය. කෙසේ වෙතත් මෙවර තරුණ පිරිස අතර වැඩි වශයෙන් රෝගය පැතිරයන බැවින් බූස්ටර් මාත්‍රාවන් ඉක්මනින් ලබාගන්නා ලෙසත්, මහජන සෞඛ්‍ය පුරුදු අත් නොහරින ලෙසත් ඔහු අවධාරණය කළේය.



popular news
-
Kumar Wednesday, 05 January 2022 02:06 AM
ha may ennath gaththa samahara wayasaka aya angawikala wenawa kiyanne aththada. maywanideyak apay naayekuta siduviathibawak apata danaganna labuna.
Reply : 0 0
ඔබේ අදහස් එවන්න.
ඔබේ අදහස් සිංහලෙන්, ඉංග්‍රීසියෙන් හෝ සිංහල ශබ්ද ඉංග්‍රීසි අකුරෙන් ලියා එවන්න.

